පොදුරාජ්‍ය මණ්ඩලයීය දිනය 2023 සැමරීම පසුගිය 13 වැනිදා එක්සත් රාජධානියේ වෙස්ට් මිනිස්ටර් ඇබේ හි පැවැති අතර එම සැමරුම් උත්සවයේ දී ශ්‍රී ලාංකික සම්භවයක් ඇති කලාකරුවන් දෙදෙනෙකු විසින් මෙරට ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වන සංගීත් විජේසූරිය ප්‍රමුඛ වායෝ සංගීත කණ්ඩායමේ ‘අනාගතයේ’ ගීතය ගායනා කරන ලදී.
හැමිල්ටන් වෙස්ට් ටෙන්ඩ් නිෂ්පාදනයේ පෙගීයේ චරිතයට පණ පොවන රොෂානි ඇබේ සහ ලයිෆ් ඔෆ් ෆයි හි වෙස්ටෙන්ඩ් නිෂ්පාදනයේ ප්‍රධාන චරිතය රඟදැක්වූ නුවන් පෙරේරා යන ශිල්පීන් විසින් මෙම ඉදිරිපත් කිරීම සිදුකර තිබේ.

වායෝ සංගීත කණ්ඩායමේ මෑත කාලයේ අතිශය ජනප්‍රිය ගීතයක් වන අනාගතයේ ගීතයේ පද රචනය සංගීත් වික්‍රමසිංහ සහ සනුක වික්‍රමසිංහ වන අතර තනු නිර්මාණය ද සනුක වික්‍රමසිංහ විසින් සිදුකර තිබීම තවත් සුවිශේෂී කරුණකි. මෙම ගීතයේ සංගීතය සහ ගායනය වායෝ සංගීත කණ්ඩායම විසිනි.
මෙම වැඩසටහන අතරතුර පළමුවරට පොදු රාජ්‍ය මණ්ඩලයේ ප්‍රධානියා වශයෙන් තුන්වැනි චාර්ල්ස් රජුගේ පණිවුඩය එහි දී ඉදිරිපත් කරන ලදී.
මෙම ඓතිහාසික අවස්ථාවට රාජකීය පවුලේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් මෙන්ම නවසීලන්තය, රුවන්ඩාව, සයිප්‍රසය සහ ශ්‍රී ලංකාව යන රටවල කලාකරුවන් සහභාගි වූ අතර පොදුරාජ්‍ය මණ්ඩලයේ සියලුම රාජ්‍යයන්වලින් සංගීත අංග ඊට ඉදිරිපත් කරන තිබේ.
● දිනේෂ්