පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී බර ඉසිලීමෙන් ලෝකඩ දිනූ ඉසුරු දිවයිනට

131

එංගලන්තයේ බර්මින්හැම් නුවර පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී කිලෝ ග්‍රෑම් 55 බර පංතිය යටතේ තරග කර, එම ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනා ගත් වයි.ඩී. ඉසුරු කුමාර ක්‍රීඩකයා, එම පදක්කම ද රැගෙන ඊයේ (11 වැනිදා) උදෑසන කටුනායක ගුවන් තොටුපළින් ශ්‍රී ලංකාවට පැමිණියේය.

ඉසුරු කුමාර පිළිගැනීම සඳහා කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය තුළ පිළිගැනීමේ උත්සවයක් සංවිධානය කර තිබුණි.

එයට සඳහා ඉසුරු කුමාර ක්‍රීඩකයාගේ සොහොයුරා, ක්‍රීඩා අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය, ශ්‍රී ලංකා බර ඉසිලීමේ සම්මේලනයේ සභාපති එච්.පී.ආර්. බණ්ඩාර සහ ශ්‍රී ලංකා යුද හමුදා නියෝජ්‍ය ක්‍රීඩා අධ්‍යක්ෂ කර්නල් ශ්‍රීනාත් ගාල්ලගේ ඇතුළු පිරිසක් සහභාගි වූහ.
කටුනායක ටී.කේ.ජී.කපිල


advertistmentadvertistment