පොදු සන්ධානයකට චන්ද්‍රිකා,රනිල් සජිත් සැරසේ

9936

ඉදිරි මහ මැතිවරණයට පොදු සන්ධානයකින් තරග කිරීම සඳහා හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, රනිල් වික්‍රමසිංහ,හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්ම මහත්මීන් අද වෙන වෙනම සාකච්ඡා පවත්වා ඇත.චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන් සමග නිට්ටඹුව ප්‍රදේශයේ දී ද රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ පිහිටි සිය නිවසේදී තමාට ජනාධිපතිවරණයේදී සහාය දුන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමග ද සජිත් ප්‍රේමදාස මහතා ද කොළඹදී සිය පක්ෂ සාමාජිකයින් සමග ද මෙම සාකච්ඡා පවත්වා ඇත.


advertistmentadvertistment