පොරකකා අරක්කු ගන්න ගිය වවුනියාවේ 14ක් අත්අඩංගුවට

424

මත්පැන් මිලට ගැනීමට පැමිණ සෞඛ්‍ය නීතිරීති හා සංචරණ ඇ`දිරි නීතිය කඩ කළ වවුනියාවේ තරුණයින් 14 දෙනෙකු පොලීසිය විසින් 18 දා අත්අඩංගුවට ගෙන තිබේ.

එම තරුණයින් මත්පැන් අලෙවිසල් ඉදිරිපිට පොරකමින් මත්පැන් මිලට ගැනීමට උත්සහ කළ අවස්ථාවේදී පොලීසිය ඔවුන්ට අවවාද කොට ඇතත් ඒ පිළිබ`ද නොතකා දිගින් දිගටම එසේ කිරීම නිසා ඔවුන්ව අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ තරුණයෝ සෞඛ්‍ය නිලධාරීන්ට බාර දී ඇති අතර ඔවුන් පී.සී.ආර්.පරීක්ෂණවලට යොමු කිරීමට පියවර ගෙන තිබේ.

දිනසේන රතුගමගේ
 


advertistmentadvertistment