පොල්පිතිගම ඔරලෝසු කණුව දේශපාලන දැන්වීම් පුවරුවක් වෙලා

277

වේලාව සටහන් නොවන පොල්පිතිගම ඔරලෝසු කණුව දේශපාලනඥයන්ගේ දැන්වීම් ප‍්‍රවර්ධන පුවරුවක් බවට පත්ව තිබේ.

දිවංගත ජනාධිපති රණසිංහ පේ‍්‍රමදාස මහතාගේ සංකල්පයක් මත පොල්පිතිගම නගරයේ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය කේන්ද්‍රකර ගනිමින් කුරුණෑගල මොරගොල්ලාගම ප‍්‍රධාන මාර්ගයේ ඉදිවූ මෙම ඔරලෝසු කණුව කලක සිට දේශපාලකයන් ඇතුළු දැන්වීම් පුවරු ප‍්‍රදර්ශනය කිරීම සඳහා භාවිත කරන සංනිවේදන කුලූනක් බවට නිර්මාණය වීම කනගාටුදායකය. පොල්පිතිගම ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය සී.ස. පොල්පිතිගම විවිධ සේවා සමුපකාර සංගමය, පොල්පිතිගම මූලික රෝහල, පොල්පිතිගම ජාතික පාසල, මූල්‍ය ආයතන දෙකක් වන මහජන බැංකුව, ලංකා බැංකු සහ පොල්පිතිගම ප‍්‍රාදේශීය සභාව මෙවැනි ආයතන කේන්ද්‍රකර ගනිමින් නිර්මාණය කර මෙහි නඩත්තු කටයුතු පොප්පිතිගම ප‍්‍රාදේශීය සභාවට භාර වුවත් වසර කීපයක සිට එහි නඩත්තු කටයුතු සිදුනොවීම නිසා පොල්පිතිගම ජනතාවට නිවැරදිව වේලාව දැක්වෙන ඔරලෝසු කණුව අද නොමිලයේ දැන්වීම් ප‍්‍රචාරක කුලූනක් බවට පරිවර්තනය වී ඇත.

පොල්පිතිගම ඔරලෝසු කණුව දේශපාලන දැන්වීම්  පුවරුවක් වෙලා

පොල්පිතිගම නගරයට දිනපතා පැමිණෙන ජනතාවට වේලාව බලා ගැනීමට ඇති කුලූන මෙසේ අතහැර දැමීම පිළිබඳ ජනතාව මැසිවිලි නඟති.

ඔරලොසු කණුවේ නඩත්තුව සඳහා පොල්පිතිගම ප‍්‍රාදේශීය සභාවට බලය පැවරුවත් ඒ සඳහා මූල්‍ය ප‍්‍රතිපාදන නොලැබෙන බව සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.
ආර්. එම්. ඩබ්ලිව්. බණ්ඩාර – කුරුණෑගල

advertistmentadvertistment
advertistmentadvertistment