පොල් ගෙඩියේ කුඩු ගෙන ගිය කත මාට්ටු

410

පොල් ගෙඩි සිදුරුකොට ඉතා සූක්ෂම ලෙස හෙරොයින් මත්කුඩු ග‍්‍රෑම් 08 ක් සගවාගෙන යමින් සිටි තිදරු මවක් උදෑසන කාලයේදී රත්ගම” පන්විල ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට ගත්බැව් රත්ගම පොලිසිය පවසයි.

සිදුරු කරණු ලැබූ පොල් ගෙඩි 04කට ඉතා සූක්ෂම ලෙස හෙරොයින් මත් කුඩු බහා පොල් ගෙඩි 04 බෑගයක් තුළ දමාගෙන යමින් සිටියදී සැකකාරිය පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් කාන්තාව පන්විල ප‍්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි වියේ පසුවන තැනැත්තියකි. මෙකී කාන්තාව මත් කුඩු ජාවාරම්කාරියක් වන අතර ගමන් බෑගය තුළ තිබී කුඩා හැන්දක් ද පොලිසිය මඟින් සොයාගෙන ඇත. සැකකාරියගේ සැමියාද හෙරොයින් මත්කුඩු ජාවාරම් කිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටින බවද පොලිසිය පවසයි. රත්ගම පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක කුමාර ද සිල්වා” පො.ප. මදුසංක උ.පො.ප. ජයසිංහ යන නිලධාරීන් ක.පො.සැ. 2395 උමයංගනි යන නිලධාරිණිය සමග සැකකාරිය අත්අඩංගුවට ගනු ලැබීය.

ලලිත් චාමින්ද සහ එස්.කේ. කළුආරච්චි – ගාල්ල බලපිටටිය – අනුර යස්මිත්


advertistmentadvertistment