පොල් ගෙඩි 38ක් සොරකම් කළ අයට වසර 10ක අත්හිටවූ සිරදඬුවම්

47

මල්වතුහිරිපිටිය පොලිස් වසමේ පිහිටි ඉඩමක් තුළ තිබූ පොල් ගොඩකින් රුපියල් 2280 ක් වටිනා පොල් ගෙඩි 38 ක් සොරකම් කිරීම සහ එම දේපළ බැහැර කිරීම යන චෝදනා දෙකට වරදකරුවූ විත්තිකරුවකුට එක් චෝදනාවකට මාස දෙක බැගින් මාස 4 ක බරපතළ වැඩ ඇතුව සිරදඬුවම් නියම කළ ගම්පහ මහෙස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා එම සිරදඬුවම එක් චෝදනාවකට වසර 05 බැගින් වසර 10කට අත්හිටවන ලෙසට නියම කළේය.

අගතියට පත් පාර්ශ්වයට රුපියල් 5000ක වන්දි මුදලක් ගෙවීමට ද අත්හිටවූ සිර දඬුවම් නියම වූ විත්තිකරුට නියම කෙරිණි. වන්දි මුදල් නොගෙවන්නේනම් එක් මාසයක ලිහිල් සිරදඬුවම් නියම කෙරිණි.

ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 367 සහ 395 වගන්ති යටතේ මල්වතු හිරිපිටිය පොලිසිය මගින් චෝදනා ගොනු කර තිබූ සුරේෂ් කුමාර පියතිලක යන විත්තිකරුට මෙසේ අත්හිටවූ සිරදඬුවම් සහ වන්දි මුදල් ගෙවීමට නියම විය.

ටෝනි කරුණානායක – මිනුවන්ගොඩ

advertistmentadvertistment
advertistmentadvertistment