පොල් මදිවට තැඹිලිත් ගිනි ගණන්! – ගෙඩියක් 260ට – 270ට නැගලා

77

බොහෝ ප්‍රදේශවල මේ වනවිට තැඹිලි හිඟයක් මතුවී ඇති බවත් මේ නිසා ඇතැම් ප්‍රදේශවල තැඹිලි ගෙඩියක් රුපියල් 250, 260, 270 යනාදී හිතු හිතූ අධික මිල ගණන්වලට අලෙවි කරන බවත් ජනතාව පවසති.

තැඹිලි තොග නොලැබීම නිසා සිල්ලරට තැඹිලි විකිණීම ද අතහැර දැමීමට සිදුව ඇතැයි තැඹිලි වෙළෙන්දෝ කියති.

රෝගීන්ට අවශ්‍ය තැඹිලි පවා සොයාගැනීම දුෂ්කර වී ඇතැයි ද රෝගී ජනතාව පවසති.

විශාල වශයෙන් තැඹිලි විදේශ රටවලට යැවීම නිසා තැඹිලි හිඟයක් ඇතිවී තිබෙන බවත්, වියළි කාලගුණ තත්ත්වය වැඩි වුවහොත් තැඹිලි ගෙඩියක මිල රුපියල් 300 ඉක්මවා ඉහළ යා හැකි බවත් තැඹිලි අලෙවි කරන සිල්ලර වෙළෙන්දෝ පවසති.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ ධම්මික සල්වතුර


advertistmentadvertistment