කෑගල්ල, රඹුක්කන මාර්ගයේ පින්නවල සත්තුවත්ත ආසන්නයේ දී සිදු වූ රථ වාහන අනතුරකින් පුද්ගලයකු මිය ගොස් තිබෙන බව රඹුක්කන පොලිසිය පවසයි. මෙසේ මිය ගොස් ඇත්තේ රඹුක්කන සෞඛ්‍යය වෛද්‍යය නිලධාරී කාර්යාලයේ රියැදුරෙකු ලෙස සේවය කළ ප‍්‍රදීප් කුමාර අලූත්වත්ත නමැති අවුරුදු 45 ක පමණ පුද්ගලයෙකි. ඔහු රඹුක්කන, හිරිවඩුන්න, දුනුකේවල, බුලූගහමුල ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකි.

එදින මියගිය පුද්ගලයාතම සේවය අවසන් කර රඹුක්කන සිට තම නිවස දෙසට ත‍්‍රීරෝද රථය පදවා ගෙන ඒමේ දී හිරිවඩුන්නේ සිය රඹුක්කන දෙසට පොල් ලෙලි පැටවූ ලොරිය ගමන් කර තිබේ. එහි දී පොල් ලෙලි පැට වූ ලොරි රථය ත‍්‍රිරෝද රථය මතට පෙරලීමෙන් මෙම අනතුර සිදු වී තිබේ. ලොරි රථයේ රියැදුරු රඹුක්කන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. වැඩිදුර විමර්ශන රඹුක්කන පොලිසිය පවත්වයි.
වසන්ත සමරවර්ධන – බුලත්කොහුපිටිය