දේශීය වෙළෙඳපොළ තුළ පොල් මිල ඉහළ යාමට ප්‍රධානම හේතුව ඉල්ලුමට සරිලන සැපයුමක් වෙළෙඳපොළ තුළ නොමැතිකමින් ඇතිවී ඇති පොල් හිඟය බව පැහැදිලි කරුණකි. මෙයට පිළියම් ලෙස පොල් ඉඩම්වල ඵලදායීතාව ඉහළ නැංවීම සඳහා පොල් වගාව ඉලක්ක කරගත් යහපත් කෘෂිකාර්මික ක්‍රම (Good Agricultural Practices GAP) අනුගමනය කළ යුතුව ඇත.
DIMO ආයතනයේ කෘෂි අංශය වන DIMO Agribusinesses, දේශීය කෘෂි කර්මාන්තයට නවීනත්වය මුසු කරමින්, සමස්ත කෘෂි ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය වෙනුවෙන් සේවාවන් රැසක් ක්‍රියාත්මක කරයි. ඒ අනුව පොල් පැළ සඳහා ලියාපදිංචි සැපයුම්කරුවෙකු ලෙස උසස් තත්ත්වයේ පොල් පැළ බෙදහැරීම, DIMO පොහොර සන්නාමය යටතේ මෙන්ම ග්‍රෝමැක්ස් සන්නාමය යටතේ පොල් වගාව වෙනුවෙන්ම සැකසූ විශේෂ පොහොර මිශ්‍රණ හඳුන්වාදීම, පාංශු විශ්ලේෂණය ඔස්සේ පසට සුදුසු පොහොර භාවිතය පිළිබඳ දැනුවත් කිරීම සහ ලොව ප්‍රකට Rivulis සමඟ එක්ව ක්ෂුද්‍ර ජල තාක්ෂණික ක්‍රමවේද හඳුන්වා දීම වැනි පොල් පැළ රෝපණයේ සිට ඵල නෙලීම දක්වා වූ සමස්ත ක්‍රියාවලිය සඳහාම විසඳුම් පෙළක් DIMO තම නිෂ්පාදන තුළින් ඉදිරිපත්කර ඇත.
තවද, පොල් වතු පරිපාලන සේවය මඟින් නඩත්තුව අපහසු පොල් වතු සඳහා පළපුරුදු කාර්ය මණ්ඩලයේ විශේෂඥතාව සමඟ නඩත්තු සේවා සැපයීම මෙන්ම සුපිරිසිදු පොල්තෙල්, ක්‍රීම්, පොල් කිරි සහ පොල් වතුර වැනි අගනා නිෂ්පාදන නවීන තාෂණයෙන් බලගැන්වුණු සිය කර්මාන්තශාලා හරහා නිෂ්පාදනය කිරීම වැනි අමතර සේවාවන්ද DIMO විසින් ක්‍රියාත්මක කරනු ලබයි.
උසස් තත්ත්වයේ පොල් ඵලදාවක් ලබා ගැනීමේ මූලිකම පියවර උසස් තත්ත්වයේ පොල් පැළ රෝපණය කිරීමයි. ගුණාත්මකබවින් ඉහළ තත්ත්වයේ පොල් පැළ සඳහා ලියාපදිංචි සැපයුම්කරුවෙකු ලෙස තම කෘෂි තාක්ෂණ උද්‍යාන තුළ නිවැරැදි තාක්ෂණික ක්‍රම ඔස්සේ නිපදවන උසස් තත්ත්වයේ පොල් පැළ වැවිලිකරුවන්ට DIMO Agribusinesses මඟින් ලබා ගත හැක.
DIMO පොහොර සන්නාමය යටතේ DIMO Agribusinesses සිය YPM-D, YPM-W, APM-D, APM-W, APM-TSP යන ප්‍රධාන මිශ්‍රණ වලට අමතරව, ග්‍රෝමැක්ස් සන්නාමය යටතේ, ලොව සුපතල නයිට්‍රොෆොස්කා සංයුක්ත පොහොර සම්මිශ්‍රණයෙන් යුත් පොල් වගාව වෙනුවෙන් විශේෂයෙන්ම සැකසූ විශේෂ පොහොර මිශ්‍රණද හඳුන්වා දී ඇත.