පොලිස්පතිවරයකු නොමැති වීම නිසා යුක්තිය මෙහෙයුම අඩපණ වී ඇතැයි මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා ඊයේ (09දා) පැවැසීය. පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා ධුරයේ ක්‍රියාකාරීව කටයුතු කළ සමයේ යුක්තිය මෙහෙයුම සාර්ථක කර ගැනීම සඳහා දෛනික වැඩසටහන් සකස් කරමින් නිලධාරීන් මෙහෙයවීම සිදු කළ බවත් ඔහු නොමැතිවීම නිසා එම මෙහෙයුම් අඩපණ වී තිබෙන බවත් කීය.
පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ මත්කුඩු ජාවාරම තුරන් කිරීම සඳහා යුක්තියේ මෙහෙයුම ආරම්භ කර පසුගිය මාර්තු සිට පාතාලය මර්දනය කිරීම සඳහා ද යුක්තිය මෙහෙයුම තවත් ශක්තිමත් කළ බවද ඔහු කීය.
ඒ වගේම ජනාධිපතිවරණය පැවැත්වෙන සමයේ ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කිරීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශය අවශ්‍ය පියවර ගෙන ඇති බවත් හිටපු ජනාධිපතිවරුන්ගේ සහ මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ ආරක්ෂාව ලබාදීම සඳහා කමිටුවක් මගින් අධීක්ෂණ කටයුතු සිදුකර අවශ්‍ය පියවර ගනිමින් සිටින බවත් ඔහු කීය.
චමින්ද සිල්වා