පොලිස්පති හදිසියේම ඇල්පිටියට එයි

103

මේ වසරේ පාතාලය අතුගා දමන බව කියයි

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඊයේ (16 දා) හදිසියේම ඇල්පිටිය පොලිස් වසමේ ස්ථාන කිහිපයක සංචාරයේ නිරත විය.

කොළඹ සිට අධිවේගි මාර්ගයේ පැමිණි පොලිස්පතිවරයා කුරුඳුගහහැතැක්ම පිටවීමේ දොරටුවෙන් කුරුඳුගහහැතැක්ම නගරයට පිවිස නිල රථයෙන් බැස නගරයේ සිටි තරුණයන් කැඳවා පාතාල ක්‍රියාකාරකම් ගැන විමසීය

තරුණයන් ඇමතූ පොලිස්පතිවරයා “කප්පම් ගන්න අය ඉන්නවාද? ආයුධ සන්නද්ධව සංදර්ශන පෙන්වන අය ඉන්නවාද? එහෙම අය ඉන්නවා නම් රහසිගතව හෝ සෘජුවම මට දැනුම් දෙන්න.

මේ රටේ ජනතාවට නිදහසේ ජීවත් වෙන්න අවස්ථාව නැත්තේ කොන්දක් නැති පාතාල කුක්කන් නිසයි. පාතාලයේ ඉන්න උන් බියගුල්ලන්. උන්ට කොන්දක් නෑ. අපේ පොලිසියත් විශේෂ කාර්ය බළකායත් එක්ක උන්ට හැරෙන්නවත් බෑ. මේ රට පුරා ක්‍රියාත්මක වන නිවට පාතාලය මේ වසරේ මැද වන විට සම්පූර්ණයෙන්ම නැති කරනවා රටේ ජනතාවට නිදහසේ ජීවත් වීමට අයිතිය නැවත ලබා දෙනවා.”

මේ අවස්ථාවේදී ඇල්පිටිය සහ කුරුඳුගහහැතැක්ම නගරවල රාජකාරියේ නිරතව සිටි පොලිස් විශේෂ කාර්ය බලකා සෙබළුන්ටද අවුරුදු තෑගි පාර්සලයක් ලබා දීමට ද පොලිස්පතිවරයා පියවර ගත්තේය.

ඇල්පිටිය – විදානආරච්චි කීර්තිරත්න

advertistmentadvertistment
advertistmentadvertistment