පොලිස් ජ්‍යෙෂ්ඨයාගේ සිරුරේ ස්ථාන 32 ක් දුම්වැටියෙන් පිළිස්සූ දෙදෙනා හඳුනාගැනෙති!

701

ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකුගේ සිරුරේ ස්ථාන 32 ක් දැල්වූ සිගරට් කොටවලින් පිළිස්සූ ත‍්‍රස්ත මර්දන ඒකකයේ පොලිස් නිලධාරීන් දෙදෙනකු ජිනිවා මානව හිමිකම් කවුන්සිලය විසින් හඳුනාගෙන ඇත.

මෙයට අදාළ අධිකරණ වෛද්‍ය නිලධාරී වාර්තාවක් ද මානව හිමිකම් කවුන්සිලයට ලැබී තිබේ.

අත්අඩංගුවේ සිටියදී එම පොලිස් අධිකාරිවරයාට එකී වධහිංසා සිදුකර තිබේ.

එම පොලිස් නිලධාරීන් දෙදෙනාට ද සර්වලෝක අධිකරණ නීතිය යටතේ විදේශ සංචාර තහනම පැනවීම ගැන මානව හිමිකම් බලධාරීන් කි‍්‍රයා කරගෙන යයි.

කීර්ති වර්ණකුලසූරිය


advertistmentadvertistment