පොලිස් නිලධාරීන්ගේ නේවාසික හා ආහාර දීමනාව අද සිට දෙනවා- ඇමැති ටිරාන් කියයි

76

පොලිස් නිලධාරීන්ගේ නේවාසික සහ ආහාර දීමනාව අද (13 දා) සිට ලබාදීමට තීරණය කළ බව මහජන ආරක්‍ෂක ඇමැති ටිරාන් අලස් මහතා ‘දිවයින’ ට ඊයේ (12 දා) පැවැසීය.

වෙනදා බටා දීමනාව ලෙස හැඳින්වූ මෙම දීමනාව ඊට වඩා වැඩි මුදලක් ලැබෙන ආකාරයට නේවාසික සහ ආහාර දීමනාව යනුවෙන් හඳුන්වා ලබාදීමට සලස්වන බව ද ඇමැතිවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ පොලිස් නිලධාරීන් වැඩිම පිරිසකගේ සහභාගිත්වයෙන්, ඔන්ලයින් ඔස්සේ පැවැති සාකච්ඡාවකදී ඇමැතිවරයා පොලිස් නිලධාරීන්ට මෙම දැනුම්දීම කළේය.

මේ අතර දැනට සිදුකරගෙන යන යුක්තියේ මෙහෙයුම සහ පොදු වාහනවලදී කාන්තාවන්ට සහ දරුවන්ට සිදුවන හිංසන පිළිබඳ වැටලීම් දිගටම සිදුකරන බව ද ඇමැතිවරයා පැවැසීය.

මෙම මෙහෙයුම්වලදී රාජකාරිය අවංකව ඉටුකරන පොලිස් නිලධාරීන්ට ප්‍රසාදය පළකරන බව ද ඇමැතිවරයා කියා සිටියේය.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment