පොලිස් නිලධාරීන් සිරගතකරන්න යන බව අස්ගිරිනාහිමිට ලිපියක්

1628


යහපාලන සමයේ පත්කළ පාස්කු ප‍්‍රහාරය පිළිබඳ විමර්ශන ජනපති කොමිෂම මගින් ලබාදී තිබෙන තීන්දුව නිසා යුද සමයේ සිට දිවිහිමියෙන් රාජකාරී කළ පොලිස් නිලධාරීන් පිරිසකට රැකියාවද විශ්‍රාම වැටුපද අහිමිව මහ උළු ගෙදර තපින්නට සිදුවන පසුබිමක් නිර්මාණය වී තිබෙන බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන නන්දන මුණසිංහ සහ දේශබන්දු තෙන්නකෝන් යන මහත්වරු ඇතුළු පොලිස් නිලධාරීන් කණ්ඩායමක් අද අස්ගිරි මහ විහාරයට පැමිණ එම පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහනාහිමියන්ට ලිපියක් බාර දුන්හ.

මෙම පිරිස මහනාහිමියන් හමුවේ කරුණු අනාවරණය කර මින් මේ ප්‍රහාරය එල්ල කළේ මුස්ලිම් අන්තවාදී පිරිසක් බවත්ප්‍රහාරයට ලක්වුණේ
කතොලික,බෞද්ධ,මුස්ලිම් හින්දු උදවිය නමුත් මේ සියලු දෙනා වෙනුවෙන් අද දඩුවම් විඳින්නේ සිංහල බෞද්ධ පොලිස් නිලධාරීන් බවත් කියා සිටියහ.
එය අසාධාරණ බැවින් මෙම නිලධාරීන්ට විරුද්ධව විනය පරීක්ෂණ හෝ අධිකරණයේ නඩු පවරමින් පොලීසිය අකර්මණ්‍යය කිරීමට ඉඩක් නොතබන ලෙස ඉල්ලා සිටින බවද කියා සිටියහ.


advertistmentadvertistment