පොලිස් නිලධාරීහු දෙදෙනෙක් මරුට

269

අම්පාර සහ මොනරාගල ප්‍රදේශයේ වලදී පොලිස් නිලධාරීන් දෙදෙනකු වෙඩිතැබීම් දෙකකින් ජීවිතක්ෂයට පත් ඇතැයි පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කරයි. එක් පොලිස් නිලධාරියෙකුට කිසියම් අයෙකු අද අලුයම ඔහුගේ නිවසට පැමිණ සිදුකළ වෙඩි තැබීමකින් මියගොස් ඇත. ඔහු ඉඟිනියාගල පොලිස් වසමේ අම්පාර, නාමල් ඔය ප්‍රදේශයේ සිය නිවසේදී මෙලෙස ඝාතනයට ලක්වී ඇත. ඔහු 33 හැවිරිදි පොලිස් නිලධාරියෙකි.මේ අතර මොනරාගල කරාඬුගල, පොලිසියේ තවත් නිලධාරියෙක් අද අලුයම පොලිසිය තුළදී වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන තිබේ.ඔහු 42 හැවිරිදි අයෙකු බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.


advertistmentadvertistment