පොලිස් වෙඩි පහරකින් පුද්ගලයකුට තුවාල

139

අක්මීමන ප්‍රදේශයේදී පොලීසිය සිදුකළ වෙඩිතැබීමකින් සැකකරුවෙකු තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ ඊයේ (10) රාත්‍රියේ ජංගම යතුරුපැදි මුර සංචාරයේ නිරත අක්මීමන පොලීසියේ නිලධාරීන් දෙදෙනකු විසින් පුද්ගලයින් දෙදෙනකු පරික්ෂා කිරීමට යාමේදී ඇතිවූ සිද්ධියක් අතරතුර මෙම වෙඩි තැබීම සිදුව ඇති බවය.ජංගම මුර සංචාරයේ නිරත පොලිස් නිලධාරීන් විසින් මාර්ගයේ රැඳී සිටි පුද්ගලයින් දෙදෙනකු පරික්ෂා කිරීමේදී එක් අයකු පළාගොස් ඇති අතර අනෙක් පුද්ගලයා විසින් බෝම්බයක් දමා ගැසීමට උත්සාහ කර තිබේ.එහිදී පොලීසිය සිදුකළ වෙඩිතැබීමෙන් අදාළ සැකකරු තුවාල ලබා ඇති අතර ඔහු කරාපිටිය රෝහලට ඇතුළත් කළ බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment