පොලිසියට නව පණක් දී මත්ද්‍රව්‍ය හා අපරාධ මර්දනය වේගවත් කරනවා – පොලිස්පති

64

පොලිසියේ කාර්යක්ෂමතාව අඩු අංශ සහ නිලධාරීන් ඉවත් කර නව ශක්තියක් යොදා අපරාධ සහ මත්ද්‍රව්‍ය මැඬලීමේ මෙහෙයුම් වැඩි කරන බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවැසීය.

අපරාධ සහ මත්ද්‍රව්‍ය මැඬලීමේ කටයුතු ඉතා සාර්ථකව සිදු කෙරෙන බවත්, මෙම අවුරුදු සමයෙන් පසු පාතාල මර්දන මෙහෙයුම් දැඩි කරන බවත් පෙරේදා (14දා) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පොලිස්පතිවරයා කියා සිටියේය.

අපරාධ සහ මත්ද්‍රව්‍ය මර්දනයට පොලිසියට විශාල ශක්තියක් ඇතත් මෙතෙක් ඒ සඳහා යොදාගෙන ඇත්තේ සුළු ප්‍රමාණයක් බැවින් ඉදිරියේ එය දෙගුණ තෙගුණ කර පොලිසියේ කාර්යක්ෂමතාව සහ ඵලදායීතාව සම්පූර්ණයෙන් යොදමින් අපරාධ, මත්ද්‍රව්‍ය සහ පාතාලය මර්දනයට පියවර ගන්නා බව ද පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment