පොලිසියෙන් භාගයක්ම ප්‍රභූ ආරක්ෂාවට යොදවලා – ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය

124

ඉහළම තැන නීතියට ගරු කරන්නේ නැත්නම් නීතිය කඩාගෙන වැටෙනවා

රටේ ඉහළම තැන අධිකරණයට ගරු කරන්නේ නැත්නම් රටේ නීතිය කඩා වැටෙනවා යැයි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා පෙරේදා (07දා) පැවසීය.

ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් දුන්විට රටේ ඉහළ සිට පහළට විවිධ පාර්ශ්ව එයට එරෙහිව අදහස් ප්‍රකාශ කිරීමක් රටේ කවදාවත් ඇති වී නැතැයි ද ‘ක්‍රමයේ වෙනසක් සඳහා නීති ප්‍රතිසංස්කරණ ජාතික සමුළුව’ (2024) අමතමින් ජයසූරිය මහතා මෙම අදහස් ප්‍රකාශ කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය.

ක්‍රමයේ වෙනසකට නීති ප්‍රතිසංස්කරණය සඳහා වන නීතිඥ ඇකඩමිය, වෘත්තීයවේදීන්ගෙන් සහ සිවිල් සංවිධාන කමිටුව ක්‍රමයේ වෙනසක් සඳහා නීති ප්‍රතිසංස්කරණ සමුළුවේ ප්‍රතිපත්ති ඇතුළත් ප්‍රකාශය පසුගිය ජූලි 30 කෝට්ටේදී එළිදක්වනු ලැබුවා. මේ රටේ නීතිය ඉදිරියේ සියලු දෙනා සමානයි කිව්වට එහෙම දෙයක් පේන්න නැහැ. පාලන බලයට පත්වන උදවියට නීතිය නිසියාකාරව ක්‍රියාත්මක වන බවක් පේන්න නැහැ. දැනට ඇමැතිවරයෙක් බන්ධනාගාරගතව සිටියට එය සිදුවූයේ සිවිල් සංවිධාන ඇතුළු ජනතාව පෙරට පැමිණි නිසයි.මොකද ඔහුට එරෙහිව පාර්ලිමේන්තුවේදී විශ්වාසභංගයක් ගෙනාවාම ඔහු ජයග්‍රහණය කෙරුවා අපි දැක්කා. පළාත් පාලන මැතිවරණය පවත්වන්න ශ්‍රේෂ්ඨාධිකරණයට ගියාම මුදල් නැහැ කියනවා. ශ්‍රේෂ්ඨාධිකරණය තවත් තීන්දුවක් දුන්නම රටේ ඉහළ සිට පහළට විවිධ පාර්ශ්ව ඒ සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කරනවා. එහෙම වුණොත් රටේ නීතිය කඩා වැටෙනවා. සමහරු ගැන අල්ලස් කොමිසමට පැමිණිලි කරාම මොනවද වෙන්නේ කියලා ජනතාව දන්නවා. ඒ කියන්නේ ඇතැම් අය සම්බන්ධයෙන් නීතිය නිසි ලෙස ක්‍රියාත්මක වෙන්නේ නැහැ. සමහර ඒවා දෝෂ සහිතයි. ඒවා සංශෝධනය කරල නැවත ඉදිරිපත් කරලත් නැහැ.

සොරකම, දූෂණය, වංචා ගැන කතා කරාට එහි ප්‍රතිඵලයක් පේන්න නැහැ. පොලිස් දෙපාර්තමේන්තුවෙන් භාගයක් විතර ප්‍රභූන් ආරක්ෂා කරන්න යොදවලා. රජයේ වාහන විවිධ අය භාවිත කරනවා. රාජ්‍ය ලාංඡන නැති නිසා එහෙම වෙනවා ඇති. එදා සෑම රජයේ වාහනයකම රාජ්‍ය ලාංඡනය සලකුණු කරන්න කියලා නීතියක් තිබුණත් එක්තරා දේශපාලන පක්ෂයක පිරිස් ඒවාට හානි කළ නිසා එම නීතිය ඉවත් කරන්න සිදු වුණා.

බංගලාදේශයේත් අපේ රටේත් තරුණ පිරිස් තමයි වෙනසක් ඉල්ලා සිටියේ. පොලිස්පතිවරයා ගැන ගත්තොත් ගෝල්ෆේස් පිටියට ආරක්ෂාවක් දෙන්න බැරිවුණ කෙනාට මැතිවරණයට ආරක්ෂාව දෙන්න පුළුවන් ද කියලා හිතෙනවා.

මෙහිදී ජයවර්ධනපුර විශ්වවිiාලයේ මහාචාර්යවරුන් වන දුනේෂ් ගන්කන්ද හා ගාමිණී රත්න ශ්‍රී යන මහත්වරුන් ද අදහස් දැක් වූහ.
චමින්ද සිල්වා
ඡායාරූප – ධර්මසේන වැලිපිටිය

advertistmentadvertistment
advertistmentadvertistment