ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් 07 දෙනකු ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් 63 දෙනකු වහාම ක්‍රියාත්මක වන පරිදි මාරු කර යවා ඇත.
ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් පිරිසක් විශ්‍රාම යෑමෙන් පසු ඇති වූ පුරප්පාඩු පිරවීම සඳහා මෙම නිලධාරීන් මාරු කර යැවූ බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පැවසීය.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන නිලන්ත ජයවර්ධන මහතා පොලිස් පරිපාලන අංශය භාරව ද, ප්‍රියන්ත වීරසූරිය මහතා උතුරු පළාතේ සිට මධ්‍යම පළාත භාරව ද, සංජීව ධර්මරත්න මහතා මධ්‍යම පළාතේ සිට සබරගමුව පළාත භාරව ද, සංජීව මැදවත්ත මහතා පොලිස් අභ්‍යාස ආයතනයේ සිට සහායක සේවා අංශයට ද, කිත්සිරි ජයලත් මහතා උතුරුමැද සිට නැඟෙනහිර පළාත භාරව ද මාරු කර යවා ඇත.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රාජිත ශ්‍රී දමින්ද මහතා නැඟෙනහිර සිට උතුරුමැද පළාත භාරවත්, වැඩබලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කේ. ජී. එම්. ගුණරත්න මහතා සබරගමුවේ සිට උතුරු පළාත භාරවත් මාරු කර යවා තිබේ.
නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදිසිංහ මහතා ගාල්ලේ සිට ඌව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරේ වැඩ ආවරණය කිරීමටත් ඩී. ජී. චන්ද්‍රසිරි මහතා ළමා හා කාන්තා අපයෝජන නිවාරණ දිසාවේ සිට විධායක අධ්‍යක්ෂ පොලිස් අභ්‍යාස ආයතනයටත්, ජේ. ඒ. යූ. ජී. ජයසිංහ මහතා මත්ද්‍රව්‍ය දිසාව සිට නුවරඑළිය දිසාව භාරවත් වැඩබලන නියෝජ්‍ය පොලිස්පති ජේ. එස්. වීරසේකර මහතා රත්නපුර දිසාවේ සිට ළමා හා කාන්තා අපයෝජන නිවාරණ දිසාවටත් මාරු කර යවා ඇත.
වැඩබලන නියෝජ්‍ය පොලිස්පති ජී. ලියනගේ මහතා අපරාධ දිසාව භාරව සිට මත්ද්‍රව්‍ය දිසාව භාරව මාරු කර යවා තිබේ.
තවද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 06 දෙනකු නියෝජ්‍ය පොලිස්පති තනතුරේ වැඩ ආවරණය කිරීමටත්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 17 දෙනකු සහ වැඩබලන පොලිස් අධිකාරිවරුන් 06 දෙනකුත් මාරු කර යවා ඇත.
පොලිස් අධිකාරිවරුන් 13 දෙනකු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තනතුරේ රාජකාරි ඉටු කිරීම සඳහා ද සහකාර පොලිස් අධිකාරිවරුන් 19 දෙනකු හා කාන්තා සහකාර පොලිස් අධිකාරිවරියන් දෙදෙනකු ද මාරු කර යවා ඇත.
හේමන්ත රන්දුණු