පොලිසියේ වැටලීම් තොරතුරු පොත පොලිසියෙන්ම උස්සලා

178

තෙල්දෙණිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ මෙහෙයවීම යටතේ ක්‍රියාත්මක කෙරෙන අපරාධ කොට්ඨාස වැටලීම් කණ්ඩායමේ දෛනික තොරතුරු සටහන් පොත කිසියම් පොලිස් නිලධාරියෙකු සොරාගෙන ගොස් ඇත. මෙම පොත සොයාගැනීම සඳහා තෙල්දෙණිය පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි තෙල්දෙණිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොෂාන් අමරසිංහ මහතා දිවයිනට ඊයේ (14දා) පැවසීය.

මෙම පොත සොරාගෙන ඇත්තේ එම පොලිස් කණ්ඩායමේ අයෙකු බවට සැකකෙරෙන අතර සැකකරු පිළිබඳව තොරතුරු අනාවරණය වුවහොත් ඔහුගේ සේවය තහනම් කරන බවද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකරිවරයා පවසයි.

නෝමන් පලිහවඩන


advertistmentadvertistment