මතුගම පොලිසියේ නිලධාරීන් විසින් ඉකුත් 22 වැනිදා කසිප්පු සමග අත්අඩංගුවට ගෙන පොලිස් ති‍්‍රරෝද රථයෙන් පොලිසියට ගෙන යන අතරමගදී මියගිය සැකකරුගේ මරණය සිදුව ඇත්තේ කොවිඞ් නිව්මෝනියා තත්ත්වය හේතුකොටගෙන යැයි කළුතර මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි ශි‍්‍රයන්ත අමරරත්න මහතා පෙරේදා (24දා) වාර්තා කළේය.
මෙසේ මියගොස් තිබුණේ මතුගම යටදොල ප‍්‍රදේශයේ කුලී නිවසක පදිංචිව සිටි බෙල්ලනගම විතානගේ සාලිය නම් වූ 37 හැවිරිදි අයෙකි.
සැකකරු පොලිසියට රැුගෙන යමින් සිටියදී අසනීප වී ඇති අතර ඒ අනුව ඔහු මතුගම වෑත්තෑව රෝහලට ගෙන යන විටත් මියගොස් තිබිණි.
මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ වාර්තාවක් ඊයේ (25 දා* මතුගම මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතර මෙම සැකකරුගේ දේහය මිහිදන් කරන්නේ ද ආදාහනය කරන්නේ ද යන්න පිළිබඳව අධිකරණ නියෝගයක් ලබා ගැනීමට නියමිතය.
මේ අතර මෙම සැකකරු අත්අඩංගුවට ගත් මතුගම පොලිසියේ උප පොලිස් පරීක්ෂක යූ. අමරසිංහ සහ කොස්තාපල් (68305) හේරත් යන මහත්වරුන් නිරෝධායනයට යොමු කර තිබේ.
විජයසිරි විද්‍යාසේකර – කළුතර සමූහ