පොලිසිය අදින්න අමතර කෝටියක්

190

ගාලු මුවදොර පැවති අරගලයේ සිට මේ දක්වා කොළඹ නගරයේ පැවැත්වෙන උද්ඝෝෂණ සහ විරෝධතා මැඬපැවැත්වීමට ඈත ප්‍රදේශවල පොලිස් ස්ථානවලින් ද විශේෂ පොලිස් කණ්ඩායම් ප්‍රවාහනය කිරීමට සිදුවීම නිසා පොලිස් දෙපාර්තමේන්තුවට ඉන්ධන සඳහා රුපියල් කෝටියකට ආසන්න අමතර මුදලක් මේ දක්වා වැය කිරීමට සිදුව ඇතැයි වාර්තා වේ.

මෙතෙක් කොළඹ නගරයේ පැවති විරෝධතා පෙළපාලි සහ උද්ඝෝෂණ සඳහා කොළඹට ආසන්න ප්‍රදේශවලින් යම් පොලිස් නිලධාරීන් පිරිසක් කැඳවනු ලැබූ බවත් අරගලයෙන් පසු පැවැත්වෙන උද්ඝෝෂණ සහ විරෝධතා මර්දන සඳහා පොලිස් කණ්ඩායම් විශාල ප්‍රමාණයක් යොදා ගැනීමට පියවර ගැනීම නිසා යාපනය වැනි ඈත ප්‍රදේශවල පොලිස් ස්ථානවලින් ද පොලිස් නිලධාරීන් කැඳවීමට සිදුව ඇති බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය. මෙම තත්ත්වය මත ඔවුන් ප්‍රවාහනය සඳහා අමතර මුදලක් ඉන්ධන සඳහා වැය කිරීමට සිදුව ඇතැයි ද පැවසීය.

නෝමන් පළිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment