පොලොන්නරුවේ ඉපැරණි නෙළුම් පොකුණ වසා දමා එහි ආකෘතියක් හදන්න යනවා

283

වසා දැමීමක් හෝ වෙනත් තැනකට ගෙන යන්නේ නෑ – පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂ

පුරාවිද්‍යා නීති රීති උල්ලංඝනය කරමින් ඊට පටහැනි ලෙස පොළොන්නරුව පුරාවිද්‍යා භූමියේ පිහිටා ඇති පෙති 6 කින් යුක්ත නෙළුම් පොකුණ කැණීම් හා සංරක්ෂණ කටයුතු නතර කර ඒ වෙනුවෙට එම ඉපැරණි නෙළුම් පොකුණ වසාදමා ඊට උඩින් එහි ආකෘතියක් නිර්මාණය කිරීමට යන බව ප‍්‍රදේශවාසීන් චෝදනා කරති.

පොලොන්නරුවේ ඉපැරණි නෙළුම් පොකුණ වසා දමා එහි ආකෘතියක් හදන්න යනවා

පැරණි ආනඋලූන්දාව ප‍්‍රදේශයට අයත් කෝන්වැවෙහි පිටවාන ආශ‍්‍රිතව පිහිටා තිබුණු මෙම නෙළුම් පොකුණ සංරක්ෂණය සඳහා පසුගිය දිනවල එහි නෙළුම් පෙති සහිත පාෂාණ කොටස් කැණීම් කර ගොඩගැනුණු අතර” එම නෙළුම් පොකුණ වැවට යටවන බව පවසා ඊට උඩින් එය සංරක්ෂණය කිරීමට බැකෝ යොදා පස් දමා වසා දැමීමට කටයුතු කිරීම නිසා ජනතාව මෙම චෝදනාව එල්ල කරති. පරාක‍්‍රම බාහු රජ සමයට අයත් ක‍්‍රිස්තු වර්ෂ (1156-1183) කාල වකවානුවට අයත් පොළොන්නරුව නෙළුම් පොකුණු සම්ප‍්‍රදායේ දැනට සංරක්ෂණය කර ඇති නෙළුම් පොකුණු දෙකට අමතරව තවත් නෙළුම් පොකුණු 02 ක් හඳුනාගැනීමට හැකිව තිබෙන අතර ඉන් එකක් ආනඋලූන්දාව නම් ප‍්‍රදේශයේ කෝන්වැවෙහි පිටවාන ආසන්නයේ මෙම ඉපැරණි පොකුණ දක්නට ලැබේ. මෙම නෙළුම් පොකුණ අනෙක් නෙළුම් පොකුණුවලට වඩා සුවිශේෂී වන්නේ එහි පෙති හයකින් යුක්ත නෙළුම් පොහොට්ටුවක දණ්ඩ කොටසත්” ඒ සඳහා ජලය ගෙන එන නළ මාර්ගයත්” පොකුණෙහි වැඩි වතුර පිටවීමට සලස්වා ඇති අන්දමත් විශේෂයෙන් දක්නට ලැබීමයි. මෙම නෙළුම් පොකුණ සංරක්ෂණය සඳහා 2009 වර්ෂයේදී කටයුතු ආරම්භ කෙරුණු අතර කැණීම් කටයුතු දැඩි පරිශ‍්‍රමයකින් යුතුව සිදුකළ බව ද කියැවේ. එම නෙළුම් පොකුණ නිසා කෝන් වැවෙහි පිටවාන වැසීයාම හේතුවෙන් වැවට හානි සිදුවිය හැකි බව කියමින් මෙම නෙළුම් පොකුණ වසාදමා ඊට නුදුරින් සංරක්ෂණය කිරීමට යන බවට ජනතාව මෙහිදී චෝදනා කරති. මෙය පුරාවිද්‍යා නියමයන් උල්ලංඝනය කිරීමක් බවත් නෙළුම් පොකුණ පැවැති ස්ථානය දෙපස පස් බැමි යොදා සංරක්ෂණයට පියවර ගන්න යැයි ද තතුදත් ප‍්‍රදේශයේ පුරාවිද්‍යා සුරක්ෂා කිරීමට වෙහෙසුණු විද්වතුන් පෙන්වා දෙයි. කෙසේ වෙතත් මේ පිළිබඳව පොළොන්නරුව කලාප භාර පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂක නලින් වීරවර්ධන මහතා ගෙන් අපි විමසීමක් කළෙමු.

පොලොන්නරුවේ ඉපැරණි නෙළුම් පොකුණ වසා දමා එහි ආකෘතියක් හදන්න යනවා

ඇත්තෙන්ම මෙතන වසා දැමීමක් හෝ නෙළුම් පොකුණ වෙනත් තැනකට ගෙන යෑමක් සිදුවන්නේ නෑ. මේ ස්ථානයේ මේ සංරක්ෂණය සිදුවන්නේ. එම කැණීම් වළ වසාදමා ඒ උඩ තමයි මේ නෙළුම් පොකුණ සංරක්ෂණය කෙරෙන්නේ. ජනතාව තුළ වැරදි වැටහීමක් ඇතිවෙලා තියෙන්නේ මේක වසාදමා ඉවත් කර වෙනත් තැනක හදනවා කියලා යැයි ද හෙතෙම පැවසීය. පින්තූරවල දැක්වෙන්නේ කලින් එම ස්ථානය කැණීම් කළ අන්දමත් බැකෝ යන්ත‍්‍ර යොදා එම ස්ථානය වසාදමන අන්දමත්ය.

රොෂාන් තුෂාර තෙන්නකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment