පොලොන්නරු ධනපති ඇච්චනි වැව් මව් කෙලෙසීම නවතව්

453

උපතිස්ස රජු විසින් සතරවන සියවසේ තැනූ තෝපාවැව බැම්මේ අපරාධයක් සිදු වෙමින් පවතී. බැම්මේ අගිස්සේ රළපනාව වෙනස්කරමින් ඇවිදින මංතීරුවක් සාදන්නට නාගරික සංවර්ධන අධිකාරියත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවත් උත්සාහ දරමින් සිටී. මේ හෝරාව යක්ෂයාගේ හෝරාවයි. වසංගතය පතුරවමින් බිහිකර ඇති ශාපය පරාක‍්‍රම සමුද්‍රයේ දෙවියන් සක්මන් කරන තැන සිට දෙගුණ තෙගුණ වෙමින් පුළුල් වන්නට ඉඩකඩ යෙදී තිබේ. මේ බලධාරීන්ට දෙවියන්ගේ හාල් කැවිලා දැයි කෙනෙකු ප‍්‍රශ්න කර තිබේ. සැබවින්ම මේ ශාපය තමන්කඩුව හා රජරට හරහා පතිත වුවහොත් ගොවි ජනතාවට සුණුසාල් වත් නොමැති වනු නිසැකය. කන්තලේ වැව් බැම්ම කඩා දමා එදා 1986 දී ආර්. පේ‍්‍රමදාස කළ අපරාධය මේ අවස්ථාවේ දී යළි මතක් කරගත යුතුය.

දෙවන උපතිස්ස රජු තෝපාවැව සකස්කරන ලද්දේ එවකට පැවති නියඟය තුළ තිබූ අභියෝගයන් ජය ගැනීම සඳහාය. පරාක‍්‍රම සමුද්‍රයේ වඩාත්ම ගැඹුරු ප‍්‍රදේශය පිහිටා තිබෙන්නේ තෝපා වැවේය. මෙය හුදෙක් ඉංජිනේරුමය කාර්යයක් පමණක් නොවීය. පුලතිසි සෘෂි භාෂිතය අනුව යමින් කළ ආධ්‍යාත්මික මෙහෙයුමක් වන්නට ඇත. ඒ නිසාම හතරවන සියවසේ සිට අද දක්වාම මෙම තෝපා වැව බිඳී ගොස් නැත. බි‍්‍රතාන්‍ය පාලන සමයේ දී, 1936 දී තෝපා වැව ඔබ්බෙන් තිබූ එරමුදු වැවේ කඩාඬුව පිළිසකර කොට 1944 දී මුල් වරට පරාක‍්‍රම සමුද්‍රය යළි පුරවන ලද්දේය. මෙහි වැඩ අවසන් කරන ලද්දේ 1948-52 කාලවකවානුව තුළදීය. 1978 සුළිසුළඟින් පසු 1979 සිට වැව් බැම්මේ රළපනාව යළි සකස් කරන ලද්දේය. ඒ සඳහා ගල් කියුබ් 45000ක් යොදවා ගෙන ඇතැයි කියති. උපතිස්ස රජුත් මහා පරාක‍්‍රමබාහු රජුත් මේ මහා ජලස්කන්ධයෙන් බලාපොරොත්තු වන ලද්දේ හාත්පස පැතිරී ගිය මහා නිම්න භූමි අස්වද්දා බත සරි කර එවකට පැවති යුද්ධ වලදී අවශ්‍යතාවය වන ආහාර ස්වයංපෝෂිත බව ඇති කරලීමටය. නමුත් නිශ්ශංකමල්ල රජු වැවට සමීපයේ මාළිගයත් රාජ සභාවත් සෑදීම කරණකොට එවකට පැවති පොලොන්නරු නගරය නාගරික වශයෙන් පුළුල් කරන ලද්දේය. එහිදීද වැවක තිබෙන නිර්මිතයන්ට කිසි විටක හානි පමුණුවා නැත. ඒ වෙනුවට පරාක‍්‍රම සමුද්‍රය පිරී ඉතිරී යන විට වැවෙන් රාජසභාව පැත්තට විවර වන තඩාගයක් නිර්මාණය විය. අද එහි සොරොව් සහ නටබුන් දක්නට ඇති නමුත් තඩාගය නැත. මහපාර තැනවීමේ දී එය විනාශ වී තිබේ.

පොලොන්නරු ධනපති ඇච්චනි වැව් මව් කෙලෙසීම නවතව්

නිශ්ශංකමල්ල රජු පවා වැවේ නිර්මිතවලට හානි නොකරන්ට ඇත්තේ වැවක ඉහත්තාව නොහොත් තාවුල්ල පැන්නුම රළපනාව වැව් බැම්ම මෙන්ම බිසෝකොටුවද වැදගත් ස්තානයන් ලෙසට සැලකීමෙනි. ඒවා වෙනස් කරලීමට හෝ විකෘති කරලීමට පැරණියන් කිසිවිටක උත්සාහ නොකළහ. මහ වැව් ඉස්මත්තේ තිබෙන වැව් එල්ලංගා පද්ධතිය ඔවුහු පණ මෙන්ම ආරක්ෂා කරන ලදහ. පරාක‍්‍රමබාහු සමයේ දී අමුණු 165ක් ගොඩනංවන ලද්දේ යැයි කියති. මේ අමුණු සියල්ල ඉතා සරල තාක්ෂණයෙන් යුක්ත නිර්මිතයන් විය. අංගංමැඩිල්ලෙන් හරවන ලද ජලය පරාක‍්‍රමසමුද්‍රයට ගලා එන්නේ මේ සරල ශිල්පියාව අපට පසක් කර දෙමිනි. පොලොන්නරුවේ තෝපාවැව කෙළවරේ පවතින පුලතිසි ප‍්‍රතිමාව දෙස් විදෙස්හි පතළය. එය අපගේ සෘෂි භාෂිතයේ සංකේතයයි. එතැන බැම්මේ කෙළවර වර්තමාන තානායම දක්වා භූමිය සැබවින්ම ශුද්ධ භූමියකි. වැව් බැම්මේ තිබෙන පත්තිනි දේවාලයත් එහි කරන පූද පූජා ආදියත් පරාක‍්‍රම සයුරෙන් ජලය ලබා ගන්නා ගොවි ජනතාවගේ දෛනික ජීවිතයේ අංගයන් වෙති.

ඇතැමෙක් පවසන පරිදි මේ වැව් බැම්ම දිගේ ඇතැම් විට දේවතා එළි ගමන් කරති. එවැනි තවත් ස්ථානයක් වන්නේ තිවංක පිළිමගෙයයි. එහිද මේ වන තෙක්ම දේවතාවුන්ට සැරිසැරිය හැකි පූජනීයත්වයක් තිබේ. මෙවැනි ශුද්ධ වූ පරිසරයක පිහිටා තිබෙන වැව් බැම්ම මත සුදු දිසාපතිවරයාගේ නිල නිවස සාදන ලද්දේය. ඉන්පසු එය තානායම බවට පත් විය. මේ නිර්මිත ප‍්‍රථම වරට කෙලෙසන ලද්දේ ඉංග‍්‍රීසීන් විසිනි. ඔවුහු වැව නැවත ප‍්‍රකෘතිමත් කළද මේ පූජනීය පරිසරය විකෘති කරන ලද්දේය. නමුත් එදා සිට මේ පරිසරය ඊටත් වැඩිමනත්ව විකෘති කිරීමකට ලක් නොවිණ. නවනගරයත් කදුරුවෙලත් වන්දනාකාරුවන් නිසාම යැපුණි. මේ නගරය නවීන අංගෝපාංගයන්ගෙන් සමන්විතව වැඩි දියුණට පත් කරන ලද්දේ පොලොන්නරු මහජනමන්ත‍්‍රීවරයා වූ හිටපු ජනපතිවරයාගේ අතිනි. හුදෙකලාව පැවති නව නගරයත් කදුරුවෙලත් යා කරමින් නවීන මාර්ග ආදී යටිතල පහසුකම් සංවර්ධනය විය. මින්නේරිය වැව් රක්ෂිතයත් එහි පවතින කුලූවැව් පද්ධතියත් විනාශ කරන ලද්දේද මේ දේශපාලනඥයන් විසිනි. එහි පැවති වීර, මොර, පලූ වැනි අගනා ශාක විනාශ කරනු ලැබූ අතර ඒ වෙන්නට තේක්ක සිටුවනු ලදී. 2012 වර්ෂය වන විට මේ දේශපාලනඥයන් පරාක‍්‍රම සමුද්‍රය අවට භූමි භාග තමන්ගේ අත්අඩංගුවට ගන්නට විය. එසේම වැව් හෑරිල්ලට අවශ්‍ය ව්‍යාපෘති සකස් කර ගනිමින් විශාල ඩෝසර සහ ට‍්‍රැක්ටර යොදා ගනිමින් වැවේ වැලි ඉවත් කර ගන්නා ලදහ.

වැව් හෑරීමට සහ ඒ අවට දියුණු කරලීමේ අනෙක් අරමුණ නම් වැව් තාවල්ලේ සහ බැම්මේ සංචාරක හෝටල් නඩත්තු කරලීමයි. දැනටමත් ගිරිතලේ පරාක‍්‍රම සමුද්‍රය වැනි වැව් වල මෙලෙස හෝටල් ඉදි කර තිබේ. පරාක‍්‍රමසමුද්‍රයේ එරමුදුවැව ආසන්නයේ එහි කලිඟු බැම්මේ ඉහත්තාවේ සකස් කර තිබූ පැරණි අරලිය හෝටලය වැවේ ගිල්ම දක්වා තවත් පුළුල් කර තිබේ. මේ නිසා වැව පිරුණු කල්හි හෝටලයේ තණ තලාව ජලයෙන් යටවෙයි. මෙහිදී අදාළ හෝටලය හිමි කර ගෙන තිබෙන පුද්ගලයා විසින් ප‍්‍රදේශයේ වාරිමාර්ග බලධාරීන්ට දේශපාලන බලපෑම් ඇති කර ජලය අක්කර අඩි විසිදහසක් පමණ අඩුකර ලීමට ක‍්‍රියා කර තිබුණි. පරාක‍්‍රම සමුද්‍රයේ වැව් ගිල්ම යටතේ තවත් හෝටලයක් ප‍්‍රදේශයේ ප‍්‍රබල දේශපාලනඥයෙකු විසින් දැනට ඉදිකර ගෙන යමින් පවතී.

පොලොන්නරු ධනපති ඇච්චනි වැව් මව් කෙලෙසීම නවතව්

පොලොන්නරුව නාගරික වශයෙන් දියුණු කරලීමට ගත් උත්සාහයේ ප‍්‍රතිඵලය වූයේ මුදල් හා තනතුරු බලය තිබෙන ව්‍යාපාරිකයන්ගේ සහ දේශපාලනඥයන්ගේ වෙනම බමුණු කුලයක් බිහි වීමයි. කොළඹ අධ්‍යාපනය ලැබීමෙන් හෝ තම ව්‍යාපාරික බලය පදනම්ව නැගුණු මේ පන්තිය අද ගොවීන්ගේ දරුවන්ට වඩා ඉහළින් වැජඹෙති. කෙතේ කමතේ ට‍්‍රැක්ටරයේ දහදිය හෙළමින් බත සරිකරලීමට වෙහෙසෙන ගොවි පන්තියේ දරුවන්ට වඩා මේ ඇච්චන්ට ඉහළින් වැජඹෙන්නට අවශ්‍ය වේ. ඒ ඇතැම් විට කොළඹ පුරුද්දටය. නිරුවත් දෙපයින් තණ පලසක පවා ගමන් කළ නොහැකි ඔවුන් ජොගින් සූෂ් දමාගෙන ජොගින් ට‍්‍රැක් වලට දිව යන්නට පුරුදු වී සිටිති. ඒ පස්සේ තුවා වතුර බෝතල් අරන් දුවන ආරක්ෂකයන් ද නැතිවා නොවේ. මේ ඇච්චන්ට දොස් කිව නොහැකිය. උන්ගේ අප්පලා පොලොන්නරු ගොවීන්ගේ සාරය උරාබී තර වූවන්ය. පොලොන්නරුවේ දුප්පත්කම වී වලට හිලව් කොට පොහොසත් වූවන්ය. වරක් මේ ගොවීහු වස බීහ. දැන් තෝපාවැව කණ්ඩිය හාරා ඇවිදින මංතීරුවක රුදාව හට ගෙන තිබෙන්නේ ගොවීනට නොව පෙර කී ඇච්චන්ට සහ උන්ගේ අප්පලාටය. ඔවුන්ට මේ මංතීරුව ගොවීන්ගේ කෘෂි පාරකට වඩා වැදගත්ය. මෛත‍්‍රීපාල සිරිසේන මහතා මෙහිදී විරුද්ධත්වය ප‍්‍රකාශ කර තිබුණද ඔහුද අදාළ සංවර්ධන කමිටු වල සිටින්නට ඇත. රුපියල් මිලියන එකසිය දහනවයක් යනු කජු ඇට කොස් ඇට නොවේ. සැලසුම් කළවුන්ට මෙන්ම කරවන්නන්ටද හොඳ ඉල්ලමකි. ගෙවල් කීපයක් හදන්නට සිමෙන්ති ද රැස්කර ගත හැකිව තිබේ. එහෙත් අතීයේ සිටි වාරි නිලධාරීන් එසේ නොවේ. ඔවුහු තමන්ගේ පුද්ගලික ජීවිතයද කැප කරමින් වැව ආරක්ෂා කළහ. 1936 වකවානුවෙහි එරමුදු කපොල්ල අලූත්වැඩියා කරන විට එය භාරව සිටියේ සමන්තුරේ ඉස්මයිල් නම් මහතෙකි. මේ කාලයේ ඔහු මේ වැඬේ පිළිබඳව දැඩි උනන්දුවකින් කටයුතු කරන ලද්දේය.

පොලොන්නරු ධනපති ඇච්චනි වැව් මව් කෙලෙසීම නවතව්

මේ කාලයේ ඔහුලේ පුත‍්‍රයා අසනීප වී යැයි ඔහුට පණිවිඩයක් ලැබුණි. ඔහු අලූත්වැඩියාව අතරමග නිවසට නොගියේය. අනතුරුව දරුවා මියගිය බවද ආරංචි වුවද වැඩය අවසන් කිරීමේ දැඩි අධිෂ්ඨානයෙන් සිටි ඉස්මයිල් මහතා පැය විසිහතරක් ඇතුළත අවසන් කටයුතු සිදුවන බව දැන දැනද පුත‍්‍රයාගේ අවමගුලට සාභාගි වීමට නොගිය බව පැවසේ. ඒ කැප කිරීම නිසා පසු කාලයේ ඔහු වෙනුවෙන් විශේෂ සැමරීමක්ද කර තිබේ. මේ පරාක‍්‍රම සමුද්‍රයේ මෑත අතීතයයි. අද සිටින නිලධාරීන් එසේ නොව්. ඔවුහු දේශපාලනඥයන්ට ව්‍යාපාරිකයන්ට නතු වී තමන්ගේ රාජකාරිය පාවාදෙති. තෝපාවැව වැව්බැම්මේ පූජනීයත්වයට වඩා ඔවුනට ඉංජිනේරුමය කාර්යයන් ඉතා වැදගත්ය.


පොලොන්නරු ධනපති ඇච්චනි වැව් මව් කෙලෙසීම නවතව්

පොළොන්නරුව පරාක‍්‍රම සමුද්‍රය සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදකාරී තත්ත්වය පිළිබඳ හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පසුගියදා ප‍්‍රකාශයක් නිකුත් කර තිබිණ. පහත දැක්වෙන්නේ එම නිවේදනයයි.

පොළොන්නරුව නගරය ආසන්නයේ ඇවිදින මංතීරුවක් නොමැතිවීම නිසා මෙම ව්‍යාපෘතිය ඉතා සත්භාවයෙන් හා යහපත් අරමුණකින් ආරම්භ කරන්නට ඇතැයි සිතමි.

පරාක‍්‍රම සමුද්‍රයේ මහාවේල්ලට (බැම්ම) ඇති ඓතිහාසික පුරාවිiාත්මක වටිනාකමත්, ගොවි ජනතාවට එහි ඇති ජීවත් වීමේ අරගලයේදී තිබෙන දැඩි සම්බන්ධයත් සැලකිල්ලට ගෙන මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමේදී ගොවි ජනතාව සහ ප‍්‍රදේශයේ මහා සංඝරත්නය දැනුවත් කිරීමට තිබිණි. එවිට මෙවැනි ගැටලූවක් පැනනගී නම් ව්‍යාපෘතිය කිරීම හෝ නැවැත්වීමට මුලින්ම තීරණයක් ගත හැකිව තිබිණි.

මෙම ප‍්‍රශ්නය මතුවීමේදී තිසාවැව, කුරුණෑගල නගරයේ වැව, නුවරවැව සහ තිස්සමහරාම වැව යන ස්ථානවල මෙවැනි ඇවිදින මංතීරු දමා ඇති බව සමාජ වෙබ් අඩවිවල පෙන්වා තිබිණි. එහෙත් එම වැව්වලට වඩා පරාක‍්‍රම සමුද්‍රයේ වැව් බැම්මේ තාක්ෂණික වෙනස්කම් රාශියක් ඇත. පරාක‍්‍රම සමුද්‍රය සෑදී ඇත්තේ විශාල වැව් 3ක් එක් කිරීමෙනි. ඒ තුළ ඇතිවන ජල ධාරිතාව ඉහත කී අනෙකුත් වැව්වලට වඩා අති විශාලය. පසුගිය කාලයේ මාගේ මැදිහත්වීම තුළ ද පරාක‍්‍රම සමුද්‍රයේ වැව් බැම්ම ශක්තිමත් කිරීමට ලෝක බැංකු ආධාර යටතේ රුපියල් කෝටි සිය ගණනක් වියදම් කර පරාක‍්‍රම සමුද්‍රයේ ජල මට්ටම අඩියක් වැඩි කිරීමද, ඉංජිනේරුවරුන් විසින් වැව් බැම්ම ශක්තිමත් කිරීමද කරනු ලැබීය.

මෙවැනි ව්‍යාපෘතියක් කිරීමේදී මාගේ අත්දැකීම් හැටියට ප‍්‍රධාන කරුණු 3ක් ඉටුවිය යුතුවේ.

  1. ව්‍යාපෘතිය පිළිබඳව සක්‍යතා අධ්‍යයනයක් කිරීම, 2. විශේෂඥයන්ගෙන් උපදේශන සේවයක් ලබාගැනීම, 3. ඉදිකිරීම. මෙම කරුණු 3 ආයතන 3කින් සිදුකළ යුතුයි.

මෙහිදී මෙම කරුණු තුන කොතෙක් දුරට සම්පූර්ණවීද යන්න මා නොදනිමි. ශී‍්‍ර ලාංකීය වාරි තාක්‍ෂණයේ විශිෂ්ට නිර්මාණයක් වූ පරාක‍්‍රම සමුද්‍රය වැනි අතිවිශාල ජලාශයකට කුමන ව්‍යාපෘතියක් සඳහා හෝ අත තැබීමේදී ඉතා සැලකිල්ලෙන් වාරි තාක්‍ෂණයේ විiාත්මක දැනුවත්කමකින් යුතුව කිරීම ගොවි ජනතාව සහ මහා සංඝරත්නය බලාපොරොත්තුවීම සාධාරණය.

මෙම ප‍්‍රශ්නයට පහසුම විසඳුම නම් දැනට යෝජිත ජලාශයේ බටහිර පැත්තෙන් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන ව්‍යාපෘතිය නවත්වා, පරාක‍්‍රම සමුද්‍රයේ මහවේල්ල නැගෙනහිර අවසාන කොටසින් එහා පැත්තේ ඇති වෙල්යාය අතර අඩි පාරක් වැනි ප‍්‍රදේශයේ යෝජිත ඇවිදින මංතීරුව සෑදීමය.

ඉහත කී සියලූ තත්ත්වයන් සැලකිල්ලට ගැනීමද ගොවිජන සංවිධානවල සහ මහා සංඝරත්නයේ එකඟතාවය මේ සියලූ කටයුතුවලට ලබාගැනීමද අත්‍යවශ්‍ය වෙයි.

මතුගම සෙනෙවිරුවන්

advertistmentadvertistment
advertistmentadvertistment