පොසිටිව් සහ නෙගටිව්…  

59

වේටර් රොෂානුත් මමත් ගිනිකණ වැටුණු නුවර පාර දෙස දෑස අයා බලා සිටියා.

 ‘‘…මාර සීන් එක තමයි… එයාර් පෝට් යන්න ඞීසල් හොයා ගන්න බැරි වුණොත් සුද්දාගේ ටිකට් එකත් කැන්සල් වෙයිද දන්නෑ…..

 වේටර් රොෂාන් පවසන්නේ තැතිගත් හදිනි.

 ‘‘…ඒක නෙමෙයි සර්… අර ඩෙනිමයි ටී ෂර්ට් දා ගත්ත මෑන් දැන් සෑහෙන වෙලාවක් තිස්සේ තානායමේ ඉස්සරහ ගේට්ටුව ළ`ග කැරකෙනවා…..

 තානායම් ආලින්දයේ සිටි මම එසැණින් ගේට්ටුව දිහාව බැලූවා.

 ‘‘..අර.. ඒ මෑන් ආයෙමත් අපේ ගේට්ටුවෙන් ඇතුළට එන්න වගේ එබිකම් කරන හැටි….

 අපි ඒ අමුත්තා දිහාවට හැරුණා.

 ඇත්ත තමයි. පිළිවෙළක් නැති” කොණ්ඩෙ අවුල් වෙච්ච” වයස හතළිහක විතර ඒත් තරුණ පෙනුමක් තියෙන මනුස්සයෙක් ඔලූව බිමට හරවගෙන බර කල්පනාවකින් වගේ තානායම් ගේට්ටුව ළ`ග එහාට මෙහාට සක්මන් කරනවා.

 ‘‘…මෙහේ ඩයල් එකක් නෙමේ වගේ සර්…..

 ප‍්‍රියන්ත සැකය තහවුරු කරනවා.

 ‘‘…කියන්න බෑ සර්… අද සිද්ධ වෙන දේවල් වල හැටියට… මෑන් ‘කටපුංච. එකක් වත් සාක්කුවෙ දාගෙන රැුකලා ඉන්නවද කියලා තානායමට එන කාට හරි ටෝල්… ටෝල්… ගාලා පත්තු කරන්න…..

 කිචන් එකේ මංජු ප‍්‍රියන්තගෙ සැකයට භීතියකුත් මුසු කරනවා.

 මේ වැනි අවස්ථාවලදි නික්මෙන එබ`දු ප‍්‍රකාශ පවා හුදු විහිළු තහළු හැටියට සුළුවෙන් සලකා බැහැර කරන්නට බැහැ.

 මම හෙමින් සීරුවෙ ඒ අමුත්තා ගැවසෙන තානායම් පිවිසුම් ගේට්ටුව ළ`ගට ඇවිදගෙන ගියා.

 ‘‘…ඉන්න සර්… මාත් එන්නම්…..

 දුක් වින්ද පෙනුමැති ඒ කෙස`ග තරුණයා ඔහු දෙසට ඉලක්කය අල්ලා ඇවිද එන මමත් මංජුත් දුර තියාම දැක අපිව ම`ග හරින්නට මෙන් පාරේ අනික් පැත්ත බලා ගත්තා.

 රට වසා තිබූ වසංගත තත්ත්වයක වගේ වගක් නොමැතිව එකා පරයා එකා වාහන ගමන් ගන්නා ප‍්‍රධාන පාරේ වාහන කන්දරාව ගණන් කරන්නට මෙන් අනිමිසලෝචන මුද්‍රාවෙන් පාර දිහාව බලා ඉන්නා තරුණයා වෙත අප ළං වෙත්ම ඔහු බයපක්‍ෂපාතී ලීලාවෙන් අප හා සිනාසුනා.

 ‘‘…මහත්මයා දැන් ගොඩාක් වෙලා නේද? මෙතැන.?….

 මං උපරිම මොලොක් හ`ඩින් ඇහුවා. දුක් වින්ද පෙනුමැති ඒ මුහුණ මා දෙසට හැරවුණා.

 ‘‘…ඔව් සර්… මං මේ අපේ වාහනයක් එනතුරු ඉන්නවා…..

 පිළිතුර සන්සුන්ය

 ‘‘..වාහනයක්…?..

 මට එහෙම අහද්දි තම ඉනේ ස`ගවා ගෙන සිටිනා පිස්තෝලය විදුලි වේගයෙන් පිටතට ගන්නා ඔහු යන්ත‍්‍රයක් මෙන් ඒ මේ අත හැරී පට පට හ`ඩින් හතර වටේටම වෙඩි වරුසාවක් පිට කරනා හැටි මට මැවී පෙනෙන්නට වුණා.

 ‘…ඔබ තුමා මේ තනායමේ ලොකු සර් නේද?….. අමුත්තා නැවතිල්ලේ විමසුවා.

 මම අභිනයෙන් එය සනාථ කළා.

 ‘‘…මම ඉන්නෙ සර්… තානායමට එන වාහනේක එන කට්ටියක්ව මුණ ගැහෙන්න….

 කෙස`ග තරුණයා නිරවුල් හ`ඩින් පිළිතුරු පෑවා.

 ‘‘…හරියට හරි මං හිතුවා… ඉතිං ඇයි මෙතන… යං තානායම ඇතුළට….

 මම කුළුපග ස්වරයෙන් අමුත්තාට ආරාධනා කළා.

 ‘‘…ඒක… ඒක හරියන් නෑ සර්… ඒ එන්නෙ ලොකු නෝන මහත්තයලා කට්ටියක්… එයාලා එනකොට මං තානායමේ ඇතුලෙ ඉන්න එක කොහෙත්ම හරිනෑ.. තැංකියු සර්…..

 ‘‘..හරි… හරි… ඒකට කමක් නෑ… ඒ ලොකු මහත්තුරු එනකොට ඔයා තනායමේ පුටුවක වාඩිවෙලා හිටියොත් නේ හො`ද නැත්තේ… ඒ නිසා ඇවිත් අර ගාර්ඩන් එකේ කොන්ක‍්‍රීට් බංකුවක වාඩිවෙලා ඉමු… යං…..

 ඩෙනිමෙන් ටී ෂර්ට් එකෙන් සැරසුණු තරුණ පෙනුම මැකී යමින් තිබෙනා අමුත්තා මගේ වචනෙ අහක දාන්න බැරුව වගේ තානායම දිහාවට හැරුණා.

 ‘‘…ඔයා මේ පළාතෙ නෙමෙයි නේද?…..

 ‘‘..නෑ සර් මං නුවර… මම යාලූ වෙලා ඉන්න ගෑනු ළමයා ගෙදර වැඩ පල කරන්නේ පුස්සැල්ලාවේ ලොකු බංගලාවක… ඒ බංගලාවෙ මැඩමුයි මහත්තයායි එයත් එක්කම අද හදිසි කාරණේකට කොළඹ යනවා.. ඉතින් සාමාන්‍යයෙන් ඒ මැඩම් ලා කොළඹ යනකොට මේ තානායමෙන් තමයි තේ බොන්නේ…..

 අමුත්තා කියාගෙන යනවා.

 ‘‘…ඉතින් අද කීයට හරි ඒ නෝනලා තානායමට එන තුරු තමයි මේ උදේ ඉ`දන් මග රැුකගෙන ඉන්නෙ මගේ ගෑනු ළමයා හමු වෙන්න…. එයා බංගලාවෙ මැඩම්ලා මහත්තයලා එක්ක වාහනේ යද්දි හරි හරියට ෆෝන් එකට ආන්සර් කරන්නෙ නෑ.. ඒකයි දැන් වාහනේ කොයි හරියෙද කියලාවත් දැනගන්න විදියක් නැත්තේ…..

 ආගන්තුක තරුණයා නා`දුනන පළාතකදි පැරණි මිතුරෙක් හමුවුණු ගාණට තානායම් මිදුලේ ගල් බංකුවක අසුන් ගෙන සියල්ල මා ඉදිරියේ තබනවා.

 ‘‘…ඉතින් ඔයා උදේට මුකුත් කාලත් නැතිව ඇති නේද?… ඔහොමම යමු කුස්සිය පැත්තට… අපිත් තවම උදේට කාලා නෑ…..

 මෙතෙක් වෙලා අමුත්තාගෙ මුහුණෙ ඇ`දිලා තිබුණු ආගන්තුක බව මගේ ඒ යෝජනාවෙන් ¥රිංභූත වෙලා යනවා පෙනුණා.

 ආහාරත් මිනිස්කමත් අතර ඇත්තේ නොබිෙ`දන සුළු ලේ නෑදෑකමක් නොවේද?

 කෑමක් ගැන ස`දහන් කිරීමෙන් ඔහුගේ මුවට කෙළ ඉනුව නිසාදෝ ඒ තරුණයාගේ උගුරු ඇටය උඩ පහත සෙලවෙනු පෙනුණා.

 ‘‘…බොක්කෙන්ම තැංකියු සර්.. එපා… මම කකා ඉන්න අතරේ අරයලා ඒද දන්නෑනේ මොකද අද මං මේක දෙකෙන් එකක් තීරණය කරගන්න ඕන….

 මිනිසකුගේ අධ්‍යාත්මයේ සංවේදී ම තැනට ආමන්ත‍්‍රණ වූ පසු ඔහු හෝ ඇය වෙතින් වචන බවට පත්වන අදහස් කන්දරාව ගැන මා හො`දින් අත්දැක තිබේ.

 එමෙන්ම අපේ වේටර් මංජුවා ගේ පූර්ව නිගමනය කෙතරම් නිවැරදිද?

 කිසියම් තැනැත්තකු දෙකෙන් එකක් බේරා ගැනීමට පුල පුලා සිටිනා විට ඔහු වෙතින් නික්මෙන තරංග විශේෂයක් ඇතුවා වත්ද?

 අපේ වේටර් මංජු කට පුංචෙක් ගැන පූර්ව කථනයක් කළේ ඔහුට එසේ යමක් මීටර් වූ නිසා නොවේද?

 ‘‘..එතකොට…. දෙකෙන් එකක්… කිව්වේ…..

 මම කුතුහලය රැු`දි දෑසින් තරුණයා විමසුවා.

 ‘‘…මෙහෙමයි සර්… ඒ බංගලාවෙ නෝනා බයයි අපේ චන්ද්‍රානි මාව කසාද බැන්දම ඒ ගෙදර වැඩකාරකමෙන් අයින් වේවිය කියලා..

 ඒ නිසා එයාලා ලයින් කරන්නේ ඒ ගෙදර වාහනේ වැඩ කරන ඩ‍්‍රයිවර්කාරයට අපේ චන්ද්‍රානිව ජෝඩු කරන්නයි… ඩ‍්‍රයිවරුයි චන්ද්‍රානියි කසාද බන්දලා… බංගලාව තියෙන සද්දන්ත ඉඩමෙ කෙළවරක තියෙන සොල්දර ගෙදර දෙන්නා පදිංචිකරගත්තාම ඇහැකිනේ දෙන්නගෙන්ම සදාකල් මෙහෙකාරකම් කරවගන්න…. හැබැයි එහෙම උනොත් මං දෙන්නම බාවනව සර්…..

 තරුණ අමුත්තාගේ යටිතොල කෝපයෙන් වෙව්ලූවා.

 ‘‘…අය්යෝ… පිස්සු වැඩ කියවන්න එපා… හො`දයි ඔයා කියන්න… කවුද ඒ දෙන්නා…? බංගලාවෙ නෝනයි මහත්තයයිද? එහෙම නැත්නම් ඩ‍්‍රයිවරුයි… ඔයාගෙ පෙම්වතියයිද..? මෝඩ වැඩ කරන්න තියා හිතන්න වත් එපා…..

 මම අවධාරණයෙන් කීවා. තරුණ අමුත්තා මුකුත් නොකියාම බිම

 බලාගෙන හිටියා.

 ‘‘…ඔන්න සර් කාර් එකක් නම් තානායමට හරවන්න වගේ සිග්නල් දාගෙන එනවා…..

 කිචන් එකේ මංජු හ`ඩ න`ගා කීවා.

 ‘‘…රයිට් සර් හරි… බඩුම තමා ඔය එන්නෙ බංගලාවෙ වාහනේ…..

 හැල්මේ ඇදී ආ මෝටර් රථය තානායම් ගේට්ටුව ඉදිරියේ වේගය බාල වුණා.

 වහා එහි පිටුපස අසුන අසල වීදුරුව වෙත ළංවූ තරුණයා එහි පසුපස අසුනේ අසුන් ගෙන සිටි බංගලාවේ නෝනා වෙත යටහත් සිනාවක් පෑවා. ඊළ`ග විනාඩියේ ජනෙල් වීදුරුව ස්වයංක‍්‍රීයව පහත හෙලූණා.

 ‘‘…ඔයා මොකද මෙතැන… මේ මොන විකාරයක්ද මේ…..

 ඇය එසේ කියද්දී වාහනය ගස්සාගෙන තානායම් දෙසට ඇදුණා.

 ‘‘…මැඩම්… අනේ මැඩම්… එහෙම කියන්න එපා..

 තරුණයා වාහනය පසුපසින් දිව ආවා.

 තානායම් මිදුලේ නතර කළ වාහනයේ සිටම බංගලාවේ මැතිණිය නැවතත් තරුණයා හට උස් හ`ඩින් මොනවාදෝ පවසනු ඇසුණා.

 ‘‘…ඞීසල් නැති නිසා පුස්සැල්ලාවට යන්න බස් වැඩකරන් නෑ… කමක් නෑ එළෝලූ ලොරියක එල්ලිලා ගිහින් හරි මං දෙකෙන් එකක් කරගන්නවා සර්…..

 තරුණයා නැවත මා වෙත පැමිණෙමින් කෝපයෙන් මිමිණුවා.

 ‘‘…ඇයි.. මොකද වෙලා තියෙන්නේ…?.

 ‘‘…චන්ද්‍රානි වැඩකරන වලව්වේ ඩ‍්‍රයිවර් ගෙ අම්මා පොසිටිව් වෙලාලූ… ඊයෙ දැනගෙන තියෙන්නේ… ඩ‍්‍රයිවරයා පොසිටිව් නිසා චන්ද්‍රානිටත් එන්න විදියක් තිබුණෙ නෑලූ.. ඒ නිසා වෙනත් ඩ‍්‍රයිවර් කෙනෙක් හයර් කරගෙනලූ මේ ආවේ…..

 ‘‘…මගේ චන්ද්‍රානි ඩ‍්‍රයිවරයාගෙ සාත්තුවට තියලා ඇවිත් තියෙන්නේ… හැබැයි මොනවා හරි වෙලා තිබුණොත් මම ඌව තියන් නෑ සර්…..

 තරුණ අමුත්තා නැවතත් කෝපයෙන් දත්මිටි සැපුවා.



 රන්ජන් ගාමිණී
 ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment