රුහුණු පළාතේ යාල වනෝද්‍යානය මැද පිහිටි ඓතිහාසික සිතුල්පව්ව රජමහා විහාරයේ වාර්ෂික පොසොන් උත්සවය ජුනි 13, 14 සහ 15 තෙදින තුළ පැවැත්වේ.
පොසොන් දින වාර්ෂික ආලෝක පූජාව 35 වැනි වසරටත් උපාලි සමූහ ව්‍යාපාරයේ අනුග්‍රහයෙන් පැවැත්වේ.
මෙවර පොසොන් උත්සවය සිතුල්පව්ව රජමහා විහාරයේ විහාරාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත මැටරඹ හේමරතන නාහිමිපාණන්ගේ අනුශාසකත්වයෙන් සංවිධානය කර තිබේ.
පොසොන් පෝදා සවස ආලෝක පූජාව සිතුල්පව්ව දායක සභාවේ උප සභාපති ධම්මික ආටිගල සහ උපාලි සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂ නිමල් වෙල්ගම යන මහත්වරුන් විසින් සංවිධානය කරනු ලබති.
දාන, ශීල, භාවනා සහ දන්සල් ආදී ආගමික උත්සව රැසක් මෙම වාර්ෂික පොසොන් උත්සවයේදී සංවිධානය කර තිබේ.
වීරවිල -කුසුම් ප්‍රියන්ත