පොහොට්ටුවේ මනමාලයා ජූලි මැද එළියට – එදිරිමාන කියයි

66

ලබන ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා කවුද යන්න ලබන ජූලි මාසයේ මැද භාගයේදී රටට නිවේදනය කරන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි සංජීව එදිරිමාන මහතා ඊයේ (20දා) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවේ දී පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ජනාධිපති අපේක්ෂකත්වය සුදුසු නම් ලත් කිහිප දෙනකුම අපේක්ෂා කරන බව පැවසූ සංජීව එදිරිමාන මන්ත්‍රීවරයා ඔවුන්ගෙන් වඩාත්ම සුදුසු අපේක්ෂකයා නම් කරන බවත් පැවසීය. එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා නම් කිරීමට පෙර සිදුකළ යුතු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බලගැන්වීමේ කටයුතු මේ වනවිට සිදුකරමින් සිටින බවත් මන්ත්‍රීවරයා පැවසීය.

එරික් ගාමිණි ජිනප්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment