පොහොට්ටුව නව ජාතික කැඳවුම්කරු

259

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික කැඳවුම්කරු ලෙස එහි පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිත අබේගුණවර්ධන මහතා පත්කර ඇත.

පක්ෂයේ විධායක සභාව සහ දේශපාලන මණ්ඩලය අද පෙරවරුවේ රැස්වූ අවස්ථාවේදී මෙම තීරණය ගෙන තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභාව සහ දේශපාලන මණ්ඩලය එහි නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ ඒ මහතාගේ නිල නිවසේදී රැස්විය.

advertistmentadvertistment
advertistmentadvertistment