මෙම සති අන්තයේදී සහ ලබන සති අන්තයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පළාත් පාලන නියෝජිතයන් දිස්ත්‍රික් මට්ටමින් හමුවී සාකච්ඡා කිරීමේ රැස්වීම් මාලාවක් එම පක්ෂය විසින් සංවිධානය කර තිබේ. එම සාකච්ඡාවලට පක්ෂයේ ප්‍රධානීන් එක්වීමට නියමිතය.
ඉදිරි පළාත් පාලන මැතිවරණය ඉලක්ක කර මෙම රැස්වීම් මාලාව සංවිධානය කර තිබේ.
මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තනිව තරග කරනවා ද එසේත් නොමැති නම් සන්ධානගතව තරග කරනවා ද යන්න පිළිබඳව මේ දක්වා අවසන් තීරණයක් ගෙන නොමැති බව එම පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට කීය.
එරික් ගාමිණි ජිනප්‍රිය