පොළොන්නරුවෙන් ගතවූ පැය 24ට කොරෝනා ආසාදිතයන් 82ක්!

50

පොලොන්නරුව දිස්ත‍්‍රික්කයේ ගතවූ පැය 24 තුළ අලූතින් කොරෝනා ආසාදිතයන් 82ක් වාර්තා වී ඇති බව පොලොන්නරුව ප‍්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ, විශේෂඥ වෛද්‍ය ඩබ්ලිව්. කේ. ඩබ්ලිව්. එස්. කුමාරවංශ මහතා ඊයේ (05 දා) ප‍්‍රකාශ කළේය.

ඒ අනුව දිස්ත‍්‍රික්කයෙන් හඳුනාගෙන ඇති තුන්වන රැල්ලේ මුළු කොරෝනා අසාදිතයන් ගණන 13,716 ක් දක්වා ඉහළ නැඟ ඇතැයිද ඒ මහතා කීය. පොලොන්නරුව දිස්ත‍්‍රික්කයෙන් හමුවූ තුන්වන රැල්ලේ කොරෝනා ආසාදිත පාසැල් ළමුන් ගණන මේ වනවිට 1,407ක් බවට පත්ව තිබේ. මේ වනවිට පොලොන්නරුව දිස්ත‍්‍රික්කයේ කොරෝනා වෛරසය ආසාදනයවීමෙන් මියගොස් ගොස් ඇති ගණන 183ක් බවද සෞඛ්‍ය නිල දත්ත අනාවරණය කරයි.

පොලොන්නරුව දිස්ත‍්‍රික්කයේ පිහිටි ප‍්‍රතිකාර මධ්‍යස්ථානවල දැනට ප‍්‍රතිකාර ලබන ආසාදිතයන් ගණන 121කි. ඒ හිඟුරක්ගොඩ අතරමැදි ප‍්‍රතිකාර මධ්‍යස්ථානයේ 87ක් සහ වැලිකන්ද කොවිඞ් 19 ප‍්‍රතිකාර මධ්‍යස්ථානයේ 34ක් වශයෙනි.

කරුණාරත්න ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment