පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගතවූ පැය 24 තුළ අලූතින් කොරෝනා ආසාදිතයින් 51 දෙනකු හමුවී ඇතැයි පොළොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ, විශේෂඥ වෛද්‍ය ඩබ්ලිව්.කේ.ඩබ්ලිව්.එස්. කුමාරවංශ මහතා ඊයේ (22 දා) ප්‍රකාශ කළේය. ඒ අනුව දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇති තුන්වන රැල්ලේ මුළු කොරෝනා අසාදිතයන් ගණන 12,712 ක් බව ඒ මහතා කීය.
පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් හමුවූ තුන්වන රැල්ලේ කොරෝනා ආසාදිත පාසල් ළමුන් ගණන මේ වනවිට 1,237 ක් දක්වා ඉහළ නැඟ තිබේ.
කරුණාරත්න ගමගේ
|