පෝලන්තයේ විශ්වවිද්‍යාල සිසුවකුගේ පොරෝ පහරින් කාන්තාවක් මරුට

404

පෝලන්ත විශ්වවිද්‍යාල සිසුවකු විසින් එල්ල කළ පොරෝ පහරකින් පෝලන්තයේ වෝර්සෝ විශ්වවිද්‍යාලයේ කාන්තාවක් මරණයට පත්ව ඇති අතර මියගිය තැනැත්තියට ආධාර කිරීමට පැමිණි විශ්වවිද්‍යාලයේ ආරක්ෂක නිලධාරියකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබේ. පොරෝ පහරින් මියගිය තැනැත්තිය වෝර්සෝ විශ්වවිද්‍යාලයේ කාර්ය මණ්ඩල සාමාජිකාවක බව අනාවරණය වී තිබේ.

පොරෝ ප්‍රහාරය එල්ල කර ඇති වෝර්සෝ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන 22 හැවිරිදි තුන්වැනි වසරේ නීති සිසුවකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු මෙම ප්‍රහාරය එල්ල කිරීමට මුල් වූ හේතුව අනාවරණය වී නොමැත.


advertistmentadvertistment