පෝලිම්වල දිගටම ඉන්න විට ලෙඩ එනවා – විශේෂඥ වෛද්‍ය රූමි රූබන්

129

පෝලිම්වල එක දිගට වරුවක් දෙකක් සිටින විට අධික ලෙස මානසික පීඩනයකට ලක්වී විවිධ කායික ආබාධ ඇතිවිය හැකි බැව් ගාල්ල කරාපිටිය ශික්‍ෂණ රෝහලේ මානසික රෝග පිළිබඳ විශේෂඥ ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි – ගාල්ල රූමි රූබන් මහතා පවසයි.

පෝලිම්වල සිටීම එක අතකින් කායිකව හා මානසිකව බලපානවා. මෙම පෝලිම්වලට තරුණයන් මෙන්ම වැඩිහිටියන්ද යනවා. විවිධ කායික ආබාධ තියෙන අය යනවා. මේ අයට එක දිගට වැඩිවෙලාවක් හිටගෙන ඉන්න බැහැ. විවිධ කායික ප්‍රශ්න මතු වෙන්න පුළුවන්. මානසික ආතතිය වැඩිවෙන්න පුළුවන්. එක විදියට පෝලිමක වරුවක් දෙකක් ඉන්නවා කියන්නේ අධික මානසික පීඩනයකට ලක්වෙන දෙයක්. මානසික පීඩනය වැඩිවූ විට කායික ආබාධ වැඩි වෙන්න පුළුවන්. නියමිත වෙලාවට බෙහෙත් ටික බොන්නේ නැහැ. තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන සොයා බලන්න වේලාවක් නැහැ. ලේ පරීක්‍ෂණ කරගන්නේ නැහැ. මානසික පීඩනය නිසාම තමන්ගේ ශාරීරික සෞඛ්‍යයත් අහිමිකර ගන්නවා. මෙවැනි අවස්ථාවකදී අධික රුධිර පීඩනය හෘදය වස්තුවේ ආබාධ මේ වගේ දේවල් වැඩියෙන් ඇතිවෙන්න මෙම මානසික කාරණා බලපානවා. අපේ වැඩිහිටි පරපුර රැක ගැනීම ඉතා වැදගත්. තෙල් පෝලිමකට යැවිය යුත්තේ ශක්තිය තියෙන තරුණයින්. ලෙඩ රෝග තියෙනවානම් ඒ සඳහා අවශ්‍ය ප්‍රතිකාර ලබා ගැනීම ඉතා වැදගත්. තෙල් පෝලිමක නිදිවරාගෙන එකදිගට ඉන්නවානම් තනි පුද්ගලයෙකු පමණක් නොවෙයි ඒ සඳහා පවුලේ කිහිපදෙනෙකු සම්බන්ධවීම, වැදගත්. තමන්ගේ ශරීර සෞඛ්‍ය පිළිබඳ සැලකිලිමත් විය යුතුයි.

පෝලිමේ ඉන්න අතරේ තමන්ගේ හිත දූෂණය කරගන්නේ නැතිව ආරවුල්වල පැටලෙන්නේ නැතිව සන්සුන්ව සිටිය යුතු බව රූමි රූබන් මහතා සඳහන් කළේය.

ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි – ගාල්ල

advertistmentadvertistment
advertistmentadvertistment