පෞද්ගලික දත්ත ආරක්ෂණ  කෙටුම්පත මගින් ජනමාධ්‍යවේදීන්ගේ  අයිතිය උල්ලංඝනය වන්නේ නෑ – ඇමැති නාමල් රාජපක්ෂ

120

20 වන සංශෝධනයෙන්  නීතිය හා කොමිෂන් සභා හෑල්ලූ වුණා – ඉමිතියාස් බාකිර් මාකාර්

අද අපේ රටේ ජනතාව බඩගින්නේ  ඒවාට පිළියම් යොදන්න – කාවින්ද ජයවර්ධන (සජප)

කිසිදු පාර්ශ්වයක් මේ පනතින් මර්දනය කරන්නේ නැහැ – රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ

රටේ තිබෙන දූෂිත තැන් හඳුනා ගැනීමට පනතින් ඉඩ ලැබෙනවා – ඩයනා ගමගේ

පෞද්ගලික දත්ත ආරක්ෂණ  කෙටුම්පත මගින් ජනමාධ්‍යවේදීන්ගේ  අයිතිය උල්ලංඝනය වන්නේ නෑ - ඇමැති නාමල් රාජපක්ෂ

පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත් කෙටුම්පත තොරතුරු දැන ගැනීමේ පනත අභිබවා නොයන අතර ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් උල්ලංඝනය කිරීමක් සිදු නොකරන බව කී‍්‍රඩා හා තරුණ කටයුතු ඇමැති නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

වේත‍්‍රධාරී නරේන්ද්‍ර ප‍්‍රනාන්දු මහතා විසින් සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව පාර්ලිමේන්තුව ඊයේ (09 දා) පෙරවරු 10 ට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ මූලාසනයෙන් යුතුව පාර්ලිමේන්තුව රැුස්විණ.

පෞද්ගලික දත්ත ආරක්ෂණ  කෙටුම්පත මගින් ජනමාධ්‍යවේදීන්ගේ  අයිතිය උල්ලංඝනය වන්නේ නෑ - ඇමැති නාමල් රාජපක්ෂ

ප‍්‍රථමයෙන්, නිවේදන, ලිපි ලේඛන, මහජන පෙත්සම් ආදිය ඉදිරිපත් කිරීමෙන් පසුව මන්තී‍්‍රවරු විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් විමසා තිබූ ප‍්‍රශ්න සඳහා අදාළ ඇමැතිවරු පිළිතුරු සැපයූහ.

අනතුරුව, පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ඇරඹිණි.

කී‍්‍රඩා හා තරුණ කටයුතු ඇමැති නාමල් රාජපක්ෂ මහතා – මේ පනත ඉදිරිපත් වුණේ 2019 දීයි. මෙය අවස්ථා හතකදී අවශ්‍ය අයට අදහස් දක්වන්න අවස්ථාව ලබා දුන්නා. ඊට අමතරව උසාවියට ගිහින් කටයුතු කරන්න දින 14 ක් තිබුණා. ඒ අය උසාවි ගියා. දින 14 පැන්නට පසුව. ඒක නිසා අපට පෙන්නේ මේ පනත ගැන උනන්දුවක් හෝ අවබෝධයක් නෑ කියන එකයි. මේ පනත කෙටුම්පත් කර ඇත්තේ විනිවිද භාවයක් ඇතිවයි. විපක්ෂය දැන් නඟන විරෝධතාව පදනම් විරහිතයි.

මයන්ත දිසානායක මහතා – අපි ඊයේත් මේකට විරුද්ධව කතා කළා. ඊයේ කමිටුවේදීත් ගොඩක් අය විරුද්ධ වුණා.

නාමල් රාජපක්ෂ මහතා – ඔබතුමා ඒ ගැන කතා කළා. නමුත් ඔබතුමා පිළිගත්තා උසාවි යන්න අමතක වුණා කියලා. ඒ වගේම අද මෙතුමාට කතාවක්වත් දීලා නෑ. මේ පෞද්ගලික දත්ත ආරක්ෂණ පද්ධති පනත මගින් අපි බලාපොරොත්තු වන්නේ තාක්ෂණයත් එක්ක රාජ්‍ය පැත්ත බද්ධ කරන්න. අපි මාස තිහක ඩිජිටල් වැඩපිළිවෙළ හදනකොට අපි ඊට අදාළ නීතිමය පැත්ත හදන්න ඕන. අද ලෝකයම කතා කරන්නේ දත්ත ගැනයි. මේ දත්ත ආරක්ෂා කරන්න නීතිමය පසුබිම ඇති කළ යුතුයි. නැතුව අපි ඒ ගැන කතා කරලා වැඩක් නෑ. අපි මේ ගේන්නේ එක පියවරක් පමණයි. තව පියවර මේ සඳහා ගත යුතුයි. ජනතාවගේ දත්ත පිළිබඳ ආරක්ෂණයක් ඇති කළ යුතුයි. ඒකටයි මේ පනත ගෙන එන්නේ. රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කිරීම මෙහි අනෙක් පැත්තයි. ජනතාවගේ දත්ත අපි විවිධ රාජ්‍ය ආයතනවලට ඇතුළු කරද්දී අපි ඒවාට ආරක්ෂණයක් ඇති කළ යුතුයි. මේවා අපි අවුරුදු 20 ක පමණ ඉඳන් කතා කරනවා. නමුත් වැඩපිළිවෙළ සිද්ධ වුණේ නෑ. ඒ ඊට අදාළ නීතිමය පද්ධතිය සැකසුවේ නැති නිසයි. අපි දකිනවා. ෆයිල් ගිනි තියලා කියලා. කොළ ඉරලා කියලා. ෆෝන් නැතිවෙලා කියලා මේ සියල්ලටම විසඳුම ඩිජිටල්කරණයයි. ඒ යටතේ උසාවි පද්ධතිය ඩිජිටල්කරණය වෙනවා. ප‍්‍රාදේශීය, වීථි රේඛා අනුමැතිය ගන්න, වරිපනම් ගෙවන්න, කඩ කුලී ගෙවන්න මේ සියල්ල අපි ඩිජිටල්කරණය කරනවා. අද ගම්පහ නගර සභාවේ මේ දේවල් ටික සිද්ධ වෙනවා. අද අපි දකිනවා. අයි. ඞී. පෝලිම්, පාස්පෝට් පෝලිම් මේ පෝලිම් නැති කරන්න පුද්ගල සේවා ඩිජිටල්කරණය කළ යුතුයි. ඇඟිලි තුඩුවලින් කළ හැකි තාක්ෂණය තිබියදී අපි තවමත් පෝලිම්වල සිටිනවා. ඒවා වෙනස් කර යාවත්කාලීන කර, කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ඇති කිරීම කළ යුතුයි. මේ පනත මගින් කිසිසේත් මාධ්‍යවේදීන්ගේ අයිතීන් කප්පාදු වෙන්නේ නෑ. අයිතීන් තහවුරු වෙනවා. මේ පනත කිසිසේත් තොරතුරු දැන ගැනීමේ පනත අභිබවා යන්නේ නෑ. මාධ්‍යවේදීන්ගේ අයිතීන් කප්පාදු වීමක් වෙන්නේ නෑ. මේ පනත ඉදිරිපත් වීම තුළ අපේ රටට අලූත් ව්‍යාපාර නිර්මාණය වෙනවා. ඒ වගේම ජනතාවගේ පෞද්ගලීකත්වය ආරක්ෂා වෙනවා. ඒ වගේම අපේ රටේ ව්‍යාපාර අලූත් වෙනවා. මේ පනතට විපක්ෂය විරුද්ධ වීම ගැන මම කනගාටු වෙනවා.

ගම්පහ දිස්ති‍්‍රක් මන්තී‍්‍ර කාවින්ද ජයවර්ධන මහතා (සජබ* –

මේ පනත මේ රටේ වර්තමානයේ උද්ගත වී තිබෙන තත්ත්වයට අදාළ ද කියන ගැටලූව තිබෙනවා. අද රටේ බහුතරයක් පෝලිම්වල ඉන්නේ. රටේ විදුලිය කැපෙනවා. පොහොර නෑ. තෙල් නෑ. එවැනි තත්ත්වයක් තුළ අද අපේ රටේ ජනතාව බඩගින්නේ. ඒ බඩගින්න නැති කරන්නේ කොහොමද? පෝලිම් අඩු කරන්නේ කොහොමද? ඩොලර් ප‍්‍රශ්නය නැති කරන්නේ කොහොමද කියලා කතිකාවතක් ගොඩනැෙඟනවා නම් අපි කැමතියි. අද මේ රටේ මිනිසුන්ගේ ආදායම් අඩුවෙලා ආර්ථිකය කඩා වැටිලා. ඒ සඳහා පිළියම් යෙදිය යුතුයි. මේ පනත ගැන අද මාධ්‍යවේදීන් විරුද්ධයි. ඒ අයගේත් අදහස් ලබා ගත්තා නම් හොඳයි.

රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ මහතා – මෙම පනතේ ඇති වැදගත්කමට වඩා විපක්ෂයේ අය විවිධ සංදර්ශනවලට සූදානම් වෙනවා කියලයි අපි දකින්නේ. මෙවැනි පනතක් මගින් අපි ජාතික වගේම ජාත්‍යන්තර අවශ්‍යතාවක් සපුරනවානම් අපි ඊට ඉදිරිපත් විය යුතුයි. තොරතුරු දැන ගැනීමේ පනත මගින් පෞද්ගලික මතිමතාන්තර ඉටු කරගන්න උත්සාහයන් ගත්තා. නමුත් මේ පෞද්ගලික ආරක්ෂණ පනතෙන් ඒ දේ නොවෙයි සිදුවන්නේ. මේ පනත හරහා අපි කිසිම පාර්ශ්වයක් මර්දනය සඳහා සූදානමක් නෑ. මේ පනත හරහා සත්‍ය තොරතුරු ලබාදීමේ වගකීමක් අප සියලූ දෙනාටම තිබෙනවා. මේ පනත මගින් මාධ්‍ය මර්දනයක් සිදු වෙන්නේ නෑ. අසත්‍ය තොරතුරු මත කරුණු හෙළිදරව් වෙනවාට වඩා සත්‍ය තොරතුරු මත කරුණු අවශ්‍ය නම් හෙළිදරව් කරගත හැකි තත්ත්වයක් මෙමගින් සිදු කරගත හැකියි. අද මේ රටේ විවිධ අර්බුද තිබෙනවා. ඒවා ගෝලීය වශයෙන් ඇති වූ ඒවා නැතිව ඒවාට මේ රජය හෝ රාජපක්ෂවරු වගකිව යුතු නෑ.

රාජ්‍ය ඇමැති තාරක බාලසූරිය

ඩිජිටල්කරණයෙන් එස්ටෝනියාව වැනි රටවල් පවා හිතාගන්න බැරි විදිහට ඉදිරියට ගිහින්. ඩිජිටල්කරණය හොඳ පැත්තට වගේම වැරදි පැත්තටත් පාවිච්චි වෙනවා. සමහරවිට ආණ්ඩු පෙරළන්න පවා යොදාගන්න පුළුවන්.

තරුණ පරපුර තුළ තොරතුරු තාක්‍ෂණය ඇතුළු ඩිජිටල්කරණය ගැන හොඳ දැනුවත්භාවයක් ඇතිකළ යුතුයි.

මේ පනත මගින් දත්ත හා තොරතුරු ආරක්‍ෂාව සිදුවෙනවා.

රජයේ ආයතනවල වැඩක් කරගන්න ගියවිට ඉතා අසීරුවෙන් ඉටුකරගන්න වෙන්නේ. තොරතුරු රැුසක් ඉල්ලනවා. ඒවා ලබාගැනීමත් අසීරුයි. ඒ නිසා රාජ්‍ය සේවය ලබාගැනීම පහසු කිරීමට දත්ත රැුස්කර ආරක්‍ෂා කරගත යුතුයි.

පත්කළ මන්ත‍්‍රී ඉමිතියාස් බාකිර් මාකර් (සජබ*

පෞද්ගලික දත්ත ආරක්‍ෂණයට නීති සැකසීම ගැන කාටවත් විවාදයක් නෑ. එහෙත් මේ පනතට අදාළ පාර්ශ්වයන් රැුසකට ජනතා උරුමයන් උල්ලඝනය වීම, තොරතුරු දැන ගැනීමේ පනත උල්ලංඝනය වීම ගැන ගැටලූ මතුවී තිබෙනවා. සියලූ පාර්ශ්වල අදහස් ලබාගෙන එකඟත්වයට පැමිණිය යුතුයි. උද්දච්ච ලෙස කටයුතු කරනවා නම් එය සමාජය පිළිගන්නේ නැහැ. මේ පනත ගැන මාධ්‍ය වෘත්තීය සංවිධාන

රැුසක් සාකච්ඡුාවලට ඉඩ ඉල්ලා තිබූ නමුත් ඊට අවස්ථාව ලැබී නැහ. ඇයි මේ හදිසිය. කා සම`ගත් කතා කරලා හොඳ කෙටුම්පතක් ඉදිරිපත් කළ යුතුව තිබුණා.

2004 දී තොරතුරු දැනගැනීමේ පනතේ ආරම්භය සිදුවුණත් ඊට පසු පත්වූ ආණ්ඩුව එය පස්සට දැම්මා. 2016 දී තමයි නැවත රැුගෙන ආවේ. ජාත්‍යන්තරයේ පැසසුමට ලක්වුණා.

අද විවිධ පුද්ගලයන්, ආගමික සංවිධාන ජිනීවා යනවා. ජනතාව ඒ තැනට තල්ලූකරලා තියෙන්නේ. රට ඇතුළේ ප‍්‍රශ්න විසදාගන්න ක‍්‍රමයක් ඇතිකර නැහැ.

ආණ්ඩුව මිනිස්සුන්ගේ දුක වේදනාව තේරුම් අරගෙන නැහැ. අද හැමතැනම පෝලිම්.ජනතාව අසරණයි. ජීවත්වෙන්න විශාල වෙහෙසක් දරනවා.

සරුදේ සරු ලෙසත් නිසරුදේ නිසරු ලෙසත් තෝරාගෙන කිරීමට ආණ්ඩුව කි‍්‍රයාකළ යුතුයි. ආණ්ඩුවේ අය ස`දලූතලෙන් බිමට බැසිය යුතුයි. මෙහෙම රටකට යන්න බැහැ.

20 වන සංශෝධනයෙන් නීතිය හෑල්ලූවෙලා, ස්වාධීන කොමිෂන් සභා හෑල්ලූවෙලා. අපි ලෝකයෙන් කොන්වෙලා. ආපස්සට යනවා. කාදිනල්තුමා ජිනීවා යන්න තල්ලූ කළා වගේ මාධ්‍ය සංවිධානත් ජිනීවා යන්න තල්ලූ කරන්න එපා. සියලූ දෙනා සමඟ කතාකර පනත් හදන්න. ප‍්‍රජාතන්ත‍්‍රවාදී වෙන්න.

සමගි බලවේගය ප‍්‍රධාන විපක්‍ෂයේ බලවේගයයි. 15 වැනිදා අපි ආණ්ඩුව ජනතාවගේ ප‍්‍රශ්නවලට සංවේදී නොවීමට එරෙහිව විරෝධතාව පළ කරනවා.

මහනුවර දිස්ත‍්‍රික් මන්ත‍්‍රී වසන්ත යාපා බණ්ඩාර (ශ‍්‍රීලපොපෙ)

තොරතුරු විකෘති කිරීම තුළ බැංකු හෝ වෙනත් ආයතන කඩාවැටීමක් ඇති විය හැකියි. බැංකුවක මුදල් නැහැ කිව්වොත් තියෙන මුදල් තැන්පතුකරුවා යළි ලබාගැනීමෙන් බැංකුව කඩා වැටෙනවා.

තොරතුරු විකෘති කිරීමට එරෙහිව යම් නියාමනයකට යා යුතුයි.

යම් ආචාරධර්ම පද්ධතියන් තුළ කි‍්‍රයාත්මක වීම අවශ්‍යයි.

රාජ්‍ය ඇමැති තේනුක විදානගමගේ

පෞද්ගලික දත්ත ආරක්‍ෂා කිරීමට අවශ්‍ය ශක්තිමත් ආයතනයක් පිහිටුවීමත් ඩිජිටල්කරණයට යෑමට අවශ්‍ය පෙරමග සකස් කර ගැනීමත් අවශ්‍ය නිසා මේ පනත ඉදිරිපත් කළා.

මෙය ජාත්‍යන්තරව වැදගත්. ඉන්දියාව, ඔස්ටේ‍්‍රලියාව ඇතුළු රටවල දත්ත ආරක්‍ෂණ නීති අධ්‍යයනය කරලා සකස් කර ඇත්තේ.

විදුලි සංදේශ නියාමන කොමිසම, සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළු ආයතන රැුසක තොරතුරු හා දත්ත ලබාගෙන මේ පනත සකස් කළා. මෙය සම්මත වූ පසු දත්ත ආරක්‍ෂණ අධීක්‍ෂණයක් සිදු කරනවා.

පත්කළ මන්ත‍්‍රී මයන්ත දිසානායක (සජබ*

අපි මේ පනතට යෝජනා කිහිපයක් ඉදිරිපත් කළා. මෙය ඉතා වැදගත් පනතක්. අපි ඉදිරිපත් කළ යෝජනා ඊට ඉදිරිපත් කරන්න කීවත් ඒවා ඇතුළත් නොකර ගෙනවිත් තිබෙනවා.

අනුරාධපුර දිස්ත‍්‍රික් මන්ත‍්‍රී කේ. පී. එස්. කුමාරසිරි (ශ‍්‍රී.ලපො.ප*

මේ වගේ වැදගත් පනතක් ඉදිරිපත් වූ මොහොතේ විපක්‍ෂය කතා කරන්නේ ඔවුන්ගේ උද්ඝෝෂණ ගැන. මේ පනත රටට ඉතා අවශ්‍ය පනතක්. හැම අංශයක් සමගම සාකච්ඡුා කරලයි හදලා තියෙන්නේ. ඩිජිටල්කරණය කිරීම මේ සමඟ ආරම්භ වෙනවා. ඊට අවශ්‍ය නීතිමය ශක්තිය රටට ලැබෙනවා.

ගම්පහ දිස්ත‍්‍රික් මන්ත‍්‍රී අජිත් මාන්නප්පෙරුම (සජබ*

පුවත්පත් කතුවරු සමඟ සාකච්ඡුා කළා නම් පනත සංශෝධනය කළ යුතු තැන් හඳුනාගන්න පුළුවන්. මාධ්‍ය සංවිධානත් විරෝධය පළ කරලා. පනත ගෙනඒම තුළ මාධ්‍ය පාලනයකට ලක් වෙනවා.

විස පොවපු කේක්ගෙඩියක් ලස්සනට අයිසින් කරලා වගේ මේ පනත.

ගම්පහ දිස්ත‍්‍රික් මන්ත‍්‍රී හර්ෂණ රාජකරුණා (සජබ*

පුද්ගලික දත්ත ආරක්‍ෂා කිරීම වෙන රටවලත් සිදු වෙනවා. අපේ රටෙත් නීති ගෙන එම ගැන සතුටුයි. ඒත් මේ පිළිබ`දව විවිධ සංවිධානවල අදහස්වලට ඇහුම්කන් දෙන්න.

තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය කියනවා පනතින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට. ඒ ගැන අවධානය යොමුකරන්න.

තව මාසයක් හෝ පමාකරලා මේ සියලූ කරුණු එක්කර පනත ගේන්න. මේවා නොවෙයි ප‍්‍රශ්න ජනතාවට අද ජීවත්වීමේ ප‍්‍රශ්න තියෙනවා. පනත සංශෝ්ධනය කර අඩුපාඩු නිවැරදි කරන්න.

පත්කළ මන්ත‍්‍රී ඩයනා ගමගේ (සජබ)

පෞද්ගලික දත්ත ආරක්ෂණ  කෙටුම්පත මගින් ජනමාධ්‍යවේදීන්ගේ  අයිතිය උල්ලංඝනය වන්නේ නෑ - ඇමැති නාමල් රාජපක්ෂ


දත්ත ආරක්‍ෂණය ගැන දැන්වත් කි‍්‍රයාත්මක වීම ගැන සතුටුයි. එය අත්‍යවශ්‍ය දෙයක්. යමෙකුගේ පෞද්ගලිකත්වය තවත් කෙනෙකුට වැඩක් නැහැ. මේ පනතින් පෞද්ගලිකත්වය රැුකෙනවා.

රට තුළ තියෙන දූෂිත තැන් හොයාගන්නත් ඊට තිත තැබීමටත් ඉඩ ලැබෙනවා. පක්‍ෂ පාට භේදයෙන් තොරව සියලූ දෙනා එකඟ විය යුතුයි. තාක්‍ෂණය සමඟ ලංකාව ඉතා දුරින් ඉන්නේ. ඩිජිටල්කරණයට කඩිනමින් යා යුතුයි.

පුත්තලම දිස්ත‍්‍රික් මන්ත‍්‍රී හෙක්ටර් අප්පුහාමි (සජබ*

මේ පනත රටට අත්‍යවශ්‍යයි. නමුත් ඊට තව කරුණු ඇතුළත්විය යුතුයි. ඩිජිටල්කරණයට යෑමෙන් කළයුතු දේ බොහොමයි. ඊට වැඩපිළිවෙළක් අවශ්‍යයි.

රටේ මිනිස්සු දැඩි ප‍්‍රශ්නවලට ගොදුරු වෙලා. රට ගැන දේශපාලනය ගැන කලකිරිලා ඉන්නේ. අද සම්මත කර ගත්තත් මේ පිළිබ`ද තියෙන ප‍්‍රශ්න දෙවන වටයේ හෝ සම්මත කර ගනිමු.

පත්කළ මන්ත‍්‍රී එරාන් වික‍්‍රමරත්න (සජබ*

දත්ත ආරක්‍ෂණ පනත වසර කිහිපයක් හිරවී තිබුණා. ඉදිරිපත් කිරීම හො`දයි.

මේ පනත ගැන විවිධ කරුණු ඉදිරිපත් කරන අයටත් ඇහුම්කන් දීමට ආණ්ඩුවට ඉඩ තිබුණා. මාධය පාලනය රජය විසින් කළහොත් ලොකු ප‍්‍රශ්න ඇති වෙනවා.

බදුල්ල දිස්ත‍්‍රික් මන්ත‍්‍රී මේජර් සුදර්ශන දෙනිපිටිය (ශ‍්‍රීලපොපෙ*

ආණ්ඩුව ගෙන එන හැම දේකටම විරුද්ධවීම නොවෙයි විපක්‍ෂයේ කාර්යභාරය. හොද දේට එකඟ විය යුතුයි. පිටරටකට ගිහාම දන්නවා ඒ රටවල තාක්‍ෂණය යොදාගෙන කොයිතරම් කාර්යක්‍ෂමව වැඩ කරනවාද කියා. ලෝකය යන තාක්‍ෂණික දියුණුවට අපිත් යා යුතුයි.

එන්නත්කරණය පරිගණක ගතකරලා තියෙන්නේ. දැන් ඕනම රටකට ගිහින් පරීක්‍ෂා කර බැලූවොත් එන්නත් ගත් ප‍්‍රමාණය බලන්න පුළුවන්. අපි ඒ තාක්‍ෂණය භාවිත කර තිබෙනවා.

අධිකරණ ඇමැති අලි සබ්රි

මේ පනතින් භාෂණයේ නිදහසට සීමා එන බවට ප‍්‍රකාශ ඉදිරිපත් වුණා. පුරවැසියාට වැඩිය ඉඩක් මාධ්‍යවේදියාට ප‍්‍රකාශන අයිතියේදී නැහැ. සියලූ දෙනාටම තියෙන්නෙ නිදහස. එහි සීමා තියෙනවා. පෞද්ගලික නිදහස ඉහළින්ම තිබෙනවා.

පෞද්ගලිකත්වයට ඇති අයිතිය තහවුරු කරමින් නඩු තීන්දු ඉදිරිපත් වී තිබෙනවා.

ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සීමාවීමක් වන බවට වන් ප‍්‍රකාශය

පිළිගන්නේ නැහැ. මේ රටට අත්‍යවශ්‍ය නීතියක් පෞද්ගලික දත්ත ආරක්‍ෂණ නීතිය බවට පොදුවේ පිළිගත්තා. තොරතුරු ආරක්‍ෂණයට යම් සහතිකයක් මෙයින් ලැබෙනවා. අපේ කලාපයේ මේ පනත සම්මත කරගත් පළමු රට. ලොව තවත් රටවල් රැුසක දත්ත ආරක්‍ෂණ නීති පවතිනවා.

යම් ගැටලූ ඇත්නම් සාකච්ඡුා කර රෙගුලාසි මගින් හෝ නීති ඇතිකළ හැකියි.

මෙමගින් ආරක්‍ෂා වන්නේ මිලියන 22 ක ජනතාවගේ පුද්ගලික දත්තයි. මේ පනතට බිල්ලන් මවන්න එපා. ඩිජිටල් තාක්‍ෂණය ඔස්සේ ඉදිරියට යෑමට අවශ්‍ය යටිතල පහසුකමක් මෙයින් සම්පූර්ණ වෙනවා.

පනත් කෙටුම්පත සංශෝධන සහිතව සම්මත විය.

පාර්ලිමේන්තුව අද (10දා) පෙරවරු 10.00 ට යළි රැස්වෙයි.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන
 

advertistmentadvertistment
advertistmentadvertistment