පෞද්ගලික බස් හෙට නැතිවේවි: ගැමුණු අනතුරු අඟවයි

158

පෞද්ගලික බස්රථ ධාවනය හෙට (09 දා) දිනයේදී මුළුමනින්ම නතර වීමට ඉඩ ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ‘දිවයින’ට ඊයේ (07 දා) පැවසීය.

දැනට පෞද්ගලික බස් සේවාව සඳහා ලැබෙන්නේ සියයට 15ක පමණ ඉන්ධන ප්‍රමාණයක් යැයි ද මෙම තත්ත්වය අනුව ක්‍රමවත් බස් සේවාවක් ලබාදීමට නොහැකි වී ඇතැයි ද හෙතෙම කීවේය.

සියයට 50ක පමණ ඉන්ධන ප්‍රමාණයක්වත් නොමැතිව බස් ධාවනය සිදු කිරීම ඉතා අසීරු වී ඇතැයි ද හෙතෙම කීය.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment