ප‍්‍රංශයේ කොරෝනා මර්දන සීමා කිරීම්වලට එරෙහිව රට පුරා උද්ඝෝෂණ

142

රජය විසින් පනවා ඇති කොරෝනා මර්දන සීමා කිරීම් හා එන්නත් වැඩපිළිවෙළට එරෙහිව ප‍්‍රංශයේ ජනතාව විසින් මධ්‍යම පැරිසිය ඇතුළු රට පුරා නගර ගණනාවක පෙරේදා (24දා) පැවැත්වූ උද්ඝෝෂණ ව්‍යාපාර විසිරුවා හැරීම සඳහා පොලිසිය විසින් කඳුළු ගෑස් ප‍්‍රහාරයක් එල්ල කර තිබේ.
 
 නැවත වැඩිවෙමින් පවතින කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව හේතුවෙන් ප‍්‍රංශ රජය විසින් පනවා ඇති සීමා කිරීම් ‘ඒකාධිපතිවාදයක්’ ලෙස හඳුන්වා ඇති විරෝධතාකරුවෝ එය නවත්වන ලෙස ඉල්ලමින් උද්ඝෝෂණයේ යෙදී තිබේ. මෙම උද්ඝෝෂණ ව්‍යාපාර සඳහා එක් ලක්ෂ හැට දහසක ජනකායක් සහභාගී වී ඇත. මේ හා සමාන උද්ඝෝෂණ ව්‍යාපාරයක් ඔස්ටේ‍්‍රලියාවේ සිඞ්නි නගරයේද ඊයේ (25දා) දිනයේ පැවති අතර පනවා ඇති අගුලූ දැමීම ඉවත් කරන ලෙස ඉල්ලමින් එය සංවිධානය කර තිබිණි.


advertistmentadvertistment