ප‍්‍රතාපවත් නායකයාණෙනි…! – ඔබට චිරං ජයතු…

201

ඔහු දරුවන්ට දැක්වූයේ අපරිමිත සෙනෙහසකි. එදා ම්ලේච්ඡු කොටි ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයෙන් කැබිතිගොල්ලෑව ප‍්‍රදේශයේ දී අහිංසක මිනිසුන් ගමන්ගත් බස්රථයකට එල්ල කළ බෝම්බ ප‍්‍රහාරයෙන් ජීවිත ගණනක් අහිමි විය. මෙම ඛේදවාචකය දැනගත් විගස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එහි ගියේය. බෝම්බයට බිලිවී කැබිතිගොල්ලෑව රෝහලේ තැන්පත් කර තිබූ මෘතදේහයන් බැලීමට ගිය අවස්ථාවේදී ඒ ප‍්‍රහාරයෙන් මියගිය තම දරු සිඟිත්තාගේ සිරුර දෝතීන් පපුවට තුරුලූ කරගෙන හඬා වැලපෙන පියෙකුගේ සංවේදී අවස්ථාව එතුමන්ට ද දරා ගත නොහැකිව මේ සංවේදී නායකයාගේ දෙනෙතේ රැුඳුණු කඳුළු අතරින් ඔහු කියාපෑවේ තවත් එවැනි ශෝචනීය සිදුවීමක් රටේ ඇතිවන්නට ඉඩ නොතබන බවයි. කුරිරු යුද්ධයට විසඳුම් ලැබෙන්නට එය ද හේතුවක් විය.

දේශානුරාගයෙන් අභිමානවත් වූ රුහුණේ රාජපක්ෂ පරම්පරාවේ සාමාජිකයින් දේශපාලනයට අවතීර්ණ වීමේ දීර්ඝ ඉතිහාසයක් තිබේ. එවන් පසුබිමකින් දේශපාලනයට පිවිස අද්විතීය මෙහෙවරක් රට, ජාතිය, ආගම වෙනුවෙන් ඉටුකරමින් රටේ නායකත්වයට හෙතෙම පත්වන්නේ මාතෘභූමිය තීරණාත්මක අවස්ථාවකට මුහුණු දී සිටි යුගයකය. හේ වෙන කවුරුත් නොව තමාට පළමුව තම මව්රට යන උතුම් සංකල්පය පෙරදැරි කරගත් යුග පුරුෂයා වන මහින්ද රාජපක්ෂයන් ය.

මහින්ද රාජපක්ෂ නම් මේ ප‍්‍රතාපවත්, මානව දයාවෙන් පිරිපුන් යුගපුරුෂයා 1968 දී ශ‍්‍රී ලාංකීය දේශපාලනයට පිවිස ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ බෙලිඅත්ත ආසනය නියෝජනය කරමින් වර්ෂ 1970 දී පාර්ලිමේන්තුවට පත්වන්නේ වැඩි ඡුන්ද හයදහස් හයසිය විසිහයක් ලබා එවකට පාර්ලිමේන්තුවේ ළාබාලතම මන්ත‍්‍රීවරයා වශයෙනි. මේ තරුණ මන්ත‍්‍රීවරයා ඒ වනවිට 24 වැනි වියේ පසුවිය.

ජනතාවාදී කටයුතු සඳහා සිය පරම්පරාවෙන් පන්නරය ලද මහින්ද රාජපක්ෂයන් පැමිණි ගමන් මග රෝසමල් යහනාවක් මතින් ආ ගමන් මගක් නොවේ. අනේක විද  දුක්ගැහැට තර්ජන ගර්ජන මැද ඉවසීමෙන් ඔහු ගමන්මග සටහන් කළේය.

මාතර පාලටුව නම් ගම්පියසේදී 1945 නොවැම්බර් මස 18 අද වැනි දිනක මෙලොව එළිය දුටු මහින්ද රාජපක්ෂයන් වර්ෂ 1951 දී ගාල්ල රිච්මන්ඞ් විදුහලෙන් මූලික අධ්‍යාපන කටයුතු ඇරඹීය. ඉන්පසු කොළඹ නාලන්දා විද්‍යාලයටත්, අනතුරුව කොළඹ තර්ස්ටන් විද්‍යාලයටත් ඇතුළත්ව අධ්‍යාපනය හැදෑරීය. පාසල් කාලයේ ඔහු දක්ෂ මලල ක‍්‍රීඩකයෙකි. අධ්‍යාපනයට මෙන්ම ක‍්‍රීඩාවටත් එකසේ දස්කම් දැක්වූ හෙතෙම පාසල් අධ්‍යාපනය නිම කිරීමෙන් පසු වර්ෂ 1973 දී නීති විද්‍යලයට ඇතුළත් විය. එහි කීර්තිමත් ශිෂ්‍යයකු වූ මහින්ද රාජපක්ෂ නීති විද්‍යාලය තුළ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ නීති සංගමයක් ඇතිකිරීමට ද පෙරමුණ ගත්තේය. 1976 දී ඔහු නීතිඥවරයෙක් ලෙස දිවුරුම් දුන්නේය. නීතිඥයකු වශයෙන් ඔහු ප‍්‍රථමවරට නඩුවකට පෙනී සිට ඇත්තේ මෝදර උසාවියේදීය. මානව හිතවාදියෙකු වූ හෙතෙම දුප්පතුන් වෙනුවෙන් යුක්තිය, සාධාරණත්වය ඉටුකිරීම සඳහා නඩුවලට නොමිලේ පෙනී සිටියේය. සිය පියාණන් වන ඞී. ඒ. රාජපක්ෂයන්ගෙන් පසු රුහුණේ විමුක්ති අරගලය ඉදිරියට ගෙනයෑමේ වගකීම පැවරුණේ මහින්ද මහත්තයා යන ආදරණීය නාමයෙන් කවුරුත් හඳුන්වන මේ අද්විතීය යුගපුරුෂයාටයි. සැබෑ ලෙසම ජනතා මෙහෙවරට කැපවූ මේ රුහුණු පුත‍්‍රයා රටට, ජාතියට, සංස්කෘතියට දැක්වූයේ මහත් ආදරයකි. මහින්ද රාජපක්ෂයන්ට දේශපාලනයට අලූතින් අත්පොත් තබන්නට අවශ්‍යතාවයක් නොතිබුණි. ඔහු කුඩාකල සිටම තම පියාණන්ගේ දේශපාලන ගමන්මග ඔස්සේ ගමන් කළ අයෙකි. තම ආදරණීය පියාණන්ගේ ඇවෑමෙන් පසු, රුහුණ වෙනුවෙන් පමණක් නොව රට වෙනුවෙන්ම අද දක්වා ඒ යුගමෙහෙවර කරමින් රට ජාතිය වෙනුවෙන් තීරණාත්මක කාර්ය භාරයක් ඉටුකරමින් සිටින්නේ පස් වැනි විධායක ජනාධිපති ධුරයට ද පත්වී වත්මන් අගමැතිවරයා ලෙසද කටයුතු කරමිනි.

වර්ෂ 1977 මහ මැතිවරණයෙන් පක්ෂය ලද බරපතළ පරාජයෙන් දුබල නොවී එය තාවකාලික පරාජයක් සේ සලකා පක්ෂයට නව ප‍්‍රබෝදයක් එක්කරමින් ජනතාවාදී පක්ෂයක් ලෙස ප‍්‍රතිසංවිධානය කිරීමට පක්ෂ නායිකා සිරිමාවෝ මැතිනියට මහින්ද රාජපක්ෂ එදා ශක්තියක් විය. එවකට පැවැති රජයේ මර්දනයන්ට එරෙහිව ඉන්ද්‍රඛීලයක් සේ ඊට මුහුණදෙමින් ජනතාව පෙළගැස් වූයේ මහින්ද රාජපක්ෂ මිස වෙන අයකු නොවේ. රටේ මහත් ආන්දෝලනයක් වූ 1980 මහා වැඩවර්ජනය අවස්ථාවේදී ඒ මර්දනයන්ට එරෙහිව ද නැගීසිටි නායකයින් කිහිපදෙනා අතර මහින්ද රාජපක්ෂ චරිතය කැපී පෙනේ.

විවිධ දේශපාලන කුමන්ත‍්‍රණ හමුවේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය බලසම්පන්න දේශපාලන ප‍්‍රවාහයක් බවට පත්කිරීමේ පසුබිම නිර්මාණය කිරීමේ ප‍්‍රමුඛ පෙළේ නියමුවකු වූයේ මහින්ද රාජපක්ෂ නම් මේ ශ්‍රේෂ්ඨයාය. එතුමාගේ සමකාලීනයන් වූ වමේ දේශපාලන කඳවුර නියෝජනය කළ වාසුදේව නානායක්කාර, අභාවප‍්‍රාප්ත සරත් මුත්තෙට්ටුවගම හා නන්ද එල්ලාවල මහත්වරුන් ය. යොවුන් වියේ පසු වූ මහින්දට වමේ දේශපාලන කඳවුරේ ආශ‍්‍රය ඔහුට දේශපාලන පෙරළිකාරයකු බවට පතවන්නට හේතු වන්නට ඇත. විපක්ෂයේ විප්ලවවාදී දේශපාලනයක නියලෙමින් ඉදිරි රජයක් පිහිටුවීමේ අරමුණින් ජනතාව අවදි කර පෙළ ගස්සවා වසර 17 ක් පැවැති එක්සත් ජාතික පක්ෂ රජය පලවා හැරීමට පාද යාත‍්‍රා, ජන ඝෝෂා, මිනිස් දම්වැල් ආදී විවිධ විරෝධතාවන් දියත් කළේය.

1988- 1989 පැවැති භීෂණයට එරෙහිව තම ජීවිතයට එල්ල වූ තර්ජන හමුවේ වුවද ඔහු මානව හිමිකම් වෙනුවෙන් මානව හිතවාදියකු ලෙස පෙනීසිටිමින් ජනතාව ඉන් මුදා ගැනීමට කටයුතු කළේය. මෙලෙස නොබියව කටයුතු කළ මේ නායකයා වටා එදා මේ රටේ විශේෂයෙන් තරුණ පෙළ හා පුරවැසියන් හිටගත්තේය. එදා පැවැති රජයට එරෙහිව ජනතාව පෙළැස්සවීමේ ප‍්‍රබල චරිතයක්වූ මහින්ද රාජපක්ෂයන් 1992 මාර්තු මස 16 වැනිදා කොළඹ විහාර මහාදේවී උද්‍යානයේ සිට කතරගම දක්වා සැතපුම් 185 ක් මග ගෙවමින් විශාල ජනකායක් ඒකරාශී කරගෙන දින 8ක් පුරා ගෙන ගිය පාද යාත‍්‍රාවේ ඒ මහා බලවේගය අමරණීය සටහනකි. ඉන් නොනැවතී පැවැති රජය පලවා හරින තෙක් මහජනතාව සමග මහ මගට බැස විවිධ උද්ඝෝෂණ අරගල දියත් කළේය. ඇත්තෙන්ම එදා පැවැති රජයට ඉන් ප‍්‍රබල බලපෑමක් එල්ල විය. 1993 වසරේදී පැවැති දකුණු පළාත් සභා මැතිවරණය අමතක නොවන සන්ධිස්ථානයකි. එදා එම මැතිවරණයේදී එක් ආසනයකින් ජයගත් පොදුජන එක්සත් පෙරමුණට බලය ලබාගැනීමට සෑහෙන සටනක් කිරීමට සිදුවිය. ඒ සටනේ නායකත්වය ගත් ප‍්‍රබල සෙන්පතියන් අතර මහින්ද රාජපක්ෂ ඉදිරියෙන්ම සිටියේය. ඔහු එදා ඒ දේ නොකරන්නට එම ජයග‍්‍රහණය ලබාගැනීම එතරම් පහසු නොවනු ඇත. එදා මහින්ද රාජපක්ෂයන් සිය දේශපාලන සගයින් සමග නොබියව අවස්ථානෝචිතව කටයුතු කිරීම තුළින් දකුණු පළාත් සභාවේ බලය තහවුරු කරගෙන එය ඉදිරි පොදු පෙරමුණු රජයක් පිහිටුවීමේ මූලික අඩිතාලම බවට පත්කර ගත්තේය.

මේ අයුරින් මහජනතාව පෙළගස්වාගනිමින් ආරම්භ කළ ගමන්මගේ ප‍්‍රතිඵලයක් වශයෙන් 1994 වසරේ පැවැති මහ මැතිවරණයෙන් ජයග‍්‍රහණය කර නව රජයක් පිහිටුවන්නේය. ඒ පිහිටු වූ පොදු පෙරමුණු ආණ්ඩුව බිහිකරන්නට පෙරමුණ ගනිමින් තීරණාත්මක කාර්යභාරයක් ඉටුකළ දේශපාලන පතාක යෝධයා මහින්ද රාජපක්ෂයන්මය.

ගෞරවනීය මහා සංඝරත්නයේ ආශීර්වාදය නිරතුරුව හිමිවූ මහින්ද රාජපක්ෂයන්ගේ අනාගතය පිළිබඳ මැනවින් අවබෝධ කරගත් ගෞරවාර්හ රඹුක්වැල්ලේ ශ‍්‍රී ධර්මරක්ඛිත විපස්සාභිධාන මහා විහාර වංශික ශ්‍යාමෝපාලී මහා නිකායේ මහා නායක ස්ථවිර ප‍්‍රමුඛ මහා සංඝරත්නය ඔහු වෙත ශ‍්‍රී රෝහණ ජනරංජන ගෞරව නාමයෙන් පුදනු ලැබුවේ ශ‍්‍රී ලංකාද්වීපයේත් බෞද්ධ ශාසනයේත් චිරස්ථිතිය උදෙසා යම් දවසක අවැසි පියවර ගන්නා බව තුන් කල්දැක්මෙන් විය හැකිය. බෞද්ධ චාරිත‍්‍රවලට ගරුකළ මහා සංඝරත්නයේ නොඅඩු ආශීර්වාදය ලබමින් ගමේ වෙල් ඉපැනැල්ලේ සුවඳ අමතක නොකළ නිහතමානී පූර්ණ මිනිසකු තුළ තිබෙන ගුණාංගයන්ගෙන් පිරිපුන් මේ කෘතහස්ත දේශපාලනඥයා මාධ්‍යවේදියකු වූ මා මුල්වරට හඳුනාගනු ලැබූයේ 1995 වසරේදීය. ඒ වසර 26 කට ආසන්න කාලයකි. මේ දිගු කාලය තුළ මා මේ නායකයා සමග අනවරතව කටයුතු කර ඇත්තෙමි. එදා සිට මේ දක්වා අඛණ්ඩව මාධ්‍ය ආයතනයක් නියෝජනය කරමින් මාධ්‍ය ආවරණ කටයුතුවල යෙදීමට හැකිවීම මාහට සතුට ගෙනදෙන්නකි.

රාජපක්ෂ උරුමයෙන් ලද අභීතභාවය මූර්තිමත් කෙරෙන කුරහන් සාඨකයෙන් සැරසුණු මේ ප‍්‍රතාපවත් දේශපාලනඥයා මන්ත‍්‍රීවරයෙකු, ඇමැතිවරයකු, විපක්ෂ නායකවරයකු අගමැතිවරයකු වශයෙන් ක‍්‍රමික ගමනක් පැමිණ 2005 වසරේදී මේ රටේ විධායක ජනාධිපති ධුරය නමැති හිණිපෙත්තටම නැග, 2015 දක්වා දෙවරක් රටට අභීත නායකත්වයක් ලබාදුන්නේය.

යමක් කරන බවට එතුමා අදිටන් කරගතහොත් එය අනිවාර්යෙන්ම ඉටුකිරීම එතුමා තුළින් මා දුටු විශේෂ ලක්ෂණයයි. විධායක ජනාධිපති ධුරයට පත්වූ මේ නායකයාණන්ගේ ප‍්‍රමුඛ කාර්යභාරය වූයේ තිස් වසරක් මේ රට වෙළාගෙන පැවැති කුරිරු ම්ලේච්ඡු ත‍්‍රස්තවාදය පරදවන බවට රට හමුවේ දුන් පොරොන්දුව ඉටු කිරීමයි. ඒ අනුව ඉතා කෙටිකාලයකින් ත‍්‍රස්තවාදය මුලිනුපුටා මුළුමහත් දේශයටම තේජාන්විත බලාපොරොත්තුවක් ලබාදුන්නේය. ඔහුගේ අඩසිය වසකට වැඩි මේ දේශපාලන දිවිය පුරා ඔහු මාතෘභූමියට දිනාදුන් දේ බොහෝය. ඒ කාර්ය භාරය මෙවන් ලිපියකින් කියා නිම කළ නොහැකියි.

ප‍්‍රතාපවත් ඇත්තටම එතුමා අභීත, එඩිතර සංවේදී නායකයෙකි. ඔහු දුප්පතාගේ සිට සෑම තරාතිරමකම මනුෂ්‍යකුට එක අයුරින් සැලකීම, ඔහු දක්වන ළෙන්ගතුකම වචනවලින් කියා නිමකළ නොහැකිය. ඔහු තුළ තිබූ ඒ මානවවාදී ගුණාංගය අදටත් එලෙසම පවතී. තනතුරු ලැබෙන්න ඔහු නිහතමානී නායකයකු විය. මහින්ද රාජපක්ෂ ලකුණේ ප‍්‍රධාන සංකේතය මේ නිහතමානිත්වය සහ දේශපාලන පරිණත භාවයයි. ඔහු වත්මන් පරමාදර්ශී දේශපාලන නායකයා වන්නේ ඒ නිසාය.

ඔහු දරුවන්ට දැක්වූයේ අපරිමිත සෙනෙහසකි. එදා ම්ලේච්ඡු කොටි ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයෙන් කැබිතිගොල්ලෑව ප‍්‍රදේශයේ දී අහිංසක මිනිසුන් ගමන්ගත් බස්රථයකට එල්ල කළ බෝම්බ ප‍්‍රහාරයෙන් ජීවිත ගණනක් අහිමි විය. මෙම ඛේදවාචකය දැනගත් විගස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එහි ගියේය. බෝම්බයට බිලිවී කැබිතිගොල්ලෑව රෝහලේ තැන්පත් කර තිබූ මෘතදේහයන් බැලීමට ගිය අවස්ථාවේදී ඒ ප‍්‍රහාරයෙන් මියගිය තම දරු සිඟිත්තාගේ සිරුර දෝතීන් පපුවට තුරුලූ කරගෙන හඬා වැලපෙන පියෙකුගේ සංවේදී අවස්ථාව එතුමන්ට ද දරා ගත නොහැකිව මේ සංවේදී නායකයාගේ දෙනෙතේ රැුඳුණු කඳුළු අතරින් ඔහු කියාපෑවේ තවත් එවැනි ශෝචනීය සිදුවීමක් රටේ ඇතිවන්නට ඉඩ නොතබන බවයි. කුරිරු යුද්ධයට විසඳුම් ලැබෙන්නට එය ද හේතුවක් විය.

මහින්ද රාජපක්ෂයන්ට ජය පරාජය එකලෙස දරාගත හැකි, ඉවසීමේ යහගුණය ප‍්‍රගුණ කළ නායකයෙකි. ඔහු මේ රටේ සියලූ පුරවැසියන්ට සංවේදී නායකයෙකි. මෙතරම් සුන්දර නිහතමානී නායකයෙකුගේ ඇසුර ලබන්න තරම් අපි ද භාග්‍යවන්ත වීමු. මේ සුන්දර මිනිසා තනතුරු ලැබෙන්නට ලැබෙන්නට නිහතමානී විය. අද ජීවන මගේ 76 වැනි වස් සපුරන නායකයාණෙනි… අගමැතිවරයාණෙනි… ඔබට චිරං ජයතු…!

x අනුර බාලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment