එස්.එල්.සී. ආරාධිත විස්සයි විස්ස කි‍්‍රකට් තරගාවලියේ ඉතිරි තරග සඳහා ධනංජය ද සිල්වා, චරිත් අසලංක සහ චාමික කරුණාරත්න සහභාගි වීමට නියමිත බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් වාර්තා කර සිටී. එ් අනුව ‘බ්ලූස්’ කණ්ඩායමේ නිත්‍ය නායකයා ලෙසින් කටයුතු කරන ධනංජය ද සිල්වා එම කණ්ඩායම සමගත් අසලංක ‘ගේ‍්‍රස්’ කණ්ඩායම සමගත් සහ චාමික කැණාරත්න ‘රෙඞ්ස්’ කණ්ඩායම සමගත් එක්වීමට නියමිත බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය වැඩිදුරටත් දන්වා සිටී.
තරගාවලියේ මේ වන විට තරග හතරක් පවත්වා අවසන්වී ඇති අතර එහිදී තරග දෙක බැගින් ජය ගැනීමට ගේ‍්‍රස් කණ්ඩායම සහ බ්ලූස් කණ්ඩායම සමත්වී සිටී. රෙඞ්ස් සහ ගී‍්‍රන්ස් කණ්ඩායම් දෙක මේ දකවා කිසිදු ජයක් වාර්තා කිරීමට අපොහොසත් වී තිබේ.
තරගාවලියේ අද (16 වැනිදා) දිනයේදී සවස 2.30ට රෙඞ්ස් කණ්ඩායම සහ ගී‍්‍රන්ස් කණ්ඩායම අතර තරගයත් රාතී‍්‍ර 7.00ට බ්ලූස් කණ්ඩායම සහ ගේ‍්‍රස් කණ්ඩායම අතර තරගයත් පැවැත්වීමට නියමිතව තිබේ. එ් අනුව මේ දක්වා කිසිදු තරගයක් ජය ගැනීමට නොහැකිව සිටින රෙඞ්ස් කණ්ඩායමට සහ ගී‍්‍රන්ස් කණ්ඩායමටත් අද පැවැත්වෙන තරගය ජය ගැනීම වැදගත් කරුණක් බවට පත්ව තිබේ.
එළැඹන දකුණු අපි‍්‍රකානු තරගාවලිය සහ විස්සයි විස්ස ලෝක කුසාලන තරගාවලිය ඉලක්ක කර ගනිමින් එස්.එල්.සී. විස්සයි විස්ස ක‍්‍රිකට් තරගාවලිය පසුගියදා මහනුවර පල්ලෙකැලේ කී‍්‍රඩාංගණයේදී ආරම්භ කෙරුණි.
කසුන් රණවීර