ප‍්‍රභාකරන් අල්ලා ගැනීමට නියෝග කළ අභීත සෙන්පතියකුගේ ජීවිත සමාප්තිය!

685

මේ මෙහෙයුමේ අවසාන අදියර කි‍්‍රයාත්මක වුනා. එය දිගටම දියත් වූයේ නම් කොටි පරාජය වී ප‍්‍රභාකරන්ව අල්ලා ගැනීමට හැකි වෙනවා යැයි ජනරාල් රණතුංග වරක් පැවසීය. ඩෙන්සිල් කොබ්බෑකඩුවගේ මෙහෙයවීම මත විජය විමලරත්න, ගෝඨාභය රාජපක්‍ෂ ඇතුළු හමුදා නිලධාරීන් දායක වූ වඩමාරච්චි මෙහෙයුම දිගටම ගෙන යෑම ජනපති ජේ. ආර්. ජයවර්ධනගේ අරමුණ වී තිබූ බවත් ජනරාල් සිරිල් රණතුංග සඳහන් කරනු ලැබීය.
 
 ශී‍්‍ර ලංකා යුද හමුදාවේ විශිෂ්ඨතම හමුදා ප‍්‍රධානියකු වූ ජනරාල් සිරිල් රණතුංගගේ පාලන සමයේ වඩමාරච්චි මෙහෙයුම දියත් විය. 1987 මැයි සිට ජුනි දක්වා දියත් වූ වඩමාරච්චි මෙහෙයුම ඉන්දීය අගමැති රජිව් ගාන්ධිගේ මැදිහත්වීම නිසා නතරකර දැමීමට සිදුවිය. වඩමාරච්චි මෙහෙයුම නතරවී ගාන්ධි ඉන්දු ලංකා ගිවිසුම ඉදිරිපත් කිරීම නිසා කොටි නායක වේලූපිල්ලේ ප‍්‍රභාකරන් ගැලවුණි.මේ මෙහෙයුමේ අවසාන අදියර කි‍්‍රයාත්මක වුනා. එය දිගටම දියත් වූයේ නම් කොටි පරාජය වී ප‍්‍රභාකරන්ව අල්ලා ගැනීමට හැකි වෙනවා යැයි ජනරාල් රණතුංග වරක් පැවසීය.
 
 

ප‍්‍රභාකරන් අල්ලා ගැනීමට නියෝග කළ අභීත සෙන්පතියකුගේ ජීවිත සමාප්තිය!

ඩෙන්සිල් කොබ්බෑකඩුවගේ ප‍්‍රතාපවත් මෙහෙයවීම මත විජය විමලරත්න ඇතුළු අපේ අභිත හමුදා නිලධාරීන් දායක වූ වඩමාරච්චි මෙහෙයුම දිගටම ගෙන යෑම ජනපති ජේ. ආර්. ජයවර්ධනගේ අරමුණ වී තිබූ බවත් ජනරාල් සිරිල් රණතුංග සඳහන් කරනු ලැබීය. ජනරාල් රණතුංග අලූතින් ස්ථාපිත වූ ඒකාබද්ධ මෙහෙයුම් මණ්ඩලයේ ප‍්‍රධානියා විය. එදා එම වඩමාරච්චි මෙහෙයුමට එක්ව සිටි හමුදා නිලධාරීන් අතර වත්මන් ජනාධිපති ගෝධාභය රාජපක්ෂ ද වූවේය.
 
 කොටින්ට එරෙහිව ඒකාබද්ධ මෙහෙයුම් මණ්ඩලය හමුදා සැලසුම් කෙටුම්පත් කරන අවස්ථාවේ හමුදාව භාවිතා කළ සැල්ඩින් යුදරථ සඳහා අමතර කොටස් ලබාදීම බි‍්‍රතාන්‍යය විසින් අත්හිටවනු ලැබීය. එම සමයේ යාපනයේ දක්නට ලැබුණේ සැල්වින් යුද රථයි. එහෙත් ඒකාබද්ධ මෙහෙයුම් මණ්ඩලයට චීනයේ සහ පකිස්තානයේ සහය ලබාගැනීමට හැකි විය. එසේම භාවිතා කළ උන්ඩ පුරවා වෙඩි තබන තුවක්කු වෙනුවට ටී 56 ප‍්‍රහාරක අවි චීනයෙන්
 
 ලබාගැනීමට හැකිවිය. ජනරාල් සිරිල් රණතුංග වරක් පැවසුවේ වඩමාරච්චි මෙහෙයුම යන අතරේ ඉන්දියානු රජය ශී‍්‍ර ලංකාවේ බොටුවෙන් අල්ලා ගත් බවයි.
 
 1971 වසරේ පැවති ජ.වි.පෙ. කැරැුල්ල සමයේ කෑගල්ල හමුදා සම්බන්ධිකරණ නිලධාරියා ලෙස ද ඔහු පත්කෙරුණි. ඉන්පසු අනුරාධපුර ප‍්‍රදේශයේ හමුදා සම්බන්ධිකරණ නිලධාරියා ලෙස ද කි‍්‍රයා කළ ජනරාල් රණතුංග අනුරාධපුර හමුදා සංකීර්ණය ස්ථාපිත කිරීමට ද කටයුතු කළේය. ඔහු 1971 කැරැල්ල මර්දනය කිරීමේ කි‍්‍රයාමාර්ග රැසකට මුල්විය. විවිධ ද්‍රවිඩ කණ්ඩායම් උතුරේ ප‍්‍රචන්ඩකාරී කි‍්‍රයා දියත් කරන සමයේ යාපනයේ හමුදා බුද්ධි සේවාව ආරම්භ කිරීමට ද මුල් වූ ජනරාල් රණතුංග ගුරුනගර් හමුදා කඳවුරේ ප‍්‍රධානියා ලෙසද කි‍්‍රයාකළේය. යුද හමුදාවේ අංශ රැසක සේවය කළ ජනරාල් රණතුංග ඕස්ටේ‍්‍රලියාව, බි‍්‍රතාන්‍යය යන රටවල මහකොමසාරිස් ලෙස ද පසුව ලෙබනනයේ හමුදා නිරීක්‍ෂකයකු ලෙස ද සේවය කරනු ලැබීය. ජේ. ආර්. ජයවර්ධන, ආර්.පේ‍්‍රමදාස සහ ජනපතිවරුන් දෙදෙනකු යටතේ සේවය කළ සිරිල් රණතුංග බි‍්‍රතාන්‍යයේ සුප‍්‍රකට සැන්ඞ් හර්ස්ට් හමුදා පාසලේ පුහුණුව ලැබුවේය. මයිටල් සුමනසේකර සමග විවාහ වූ ජනරාල් රණතුංගට පුත‍්‍රයන් දෙදෙනෙක් විය. විශිෂ්ට සේවා විභූෂණ නමැති අභිමානවත් පදක්කම මෙන්ම දීර්ඝ සේවා පදක්කම, හමුදා සේවා පදක්කම සහ වඩමාරච්චි පදක්කම මෙන්ම ලෙබනනයේදී කළ සේවය නිසා එක්සත් ජාතීන්ගේ පදක්කම ද ඔහුට හිමි විය. ආරක්‍ෂක ලේකම් වශයෙන් හමුදාවේ අවශ්‍යතා සඳහා අරමුදල් නොපමාව ලබාදීමට කටයුතු කළ සිරිල් රණතුංග නමැති විශිෂ්ට හමුදා නිලධාරියා 1993 අපේ‍්‍රල් මස ආරක්‍ෂක ලේකම් ධුරයෙන් ඉල්ලා අස්විය.
 
 හමුදා සේවාවෙන් විශ‍්‍රාම ගැනීමෙන් පසු ඔහු මාවනැල්ලේ පිහිටි සිය පාරම්පරික නිවසේ පදිංචි විය. මුලින්ම හමුදාවේ සන්නාහ බළකායේ සේවයට පැමිණි ජනරාල් රණතුංග මිය යනවිට 91 හැවිරිදි වියේ පසුවිය. ති‍්‍රකුණාමලයේ එදා වරක පැවති කලබලකාරී තත්ත්වය මර්දනය කිරීමට ද කටයුතු කළ ජනරාල් රණතුංග මෙරට හමුදා ප‍්‍රධානීන් අතර කැපී පෙනුණ විශිෂ්ටතම චරිතයකි. ඔහු ජීවිතය පරදුව තබා හැම මොහොතකම කල්පනා කළේ අප රට රැක ගැනීමයි.

රට වෙනුවෙන් විශිෂ්ට මෙහෙවරක් කළ ජනරාල් සිරිල් රණතුංග මහතාගේ අභාවය වෙනුවෙන් පළවන  කෙටි සටහනකි.
 
කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment