ප‍්‍රමිතිය සහතික නොකර රෙගුයුලේටර් හා ගෑස් බට ගෙන්වීමට ඉඩ දෙන්න එපා

204

පාරිභෝගික අධිකාරිය ආනයන අපනයන පාලකගෙන් ඉල්ලයි

ගෑස් ටැංකිවලට භාවිත කරන රෙගුයුලේටර් සහ ගෑස් බටවල ප‍්‍රමිතිය සහතික නොකර රටට ගෙන්වීමට ඉඩ නොදෙන්නැයි ආනයන අපනයන පාලක ජනරාල්වරියගෙන් ඊයේ (2 දා) ලිඛිතව ඉල්ලීමක් කළ බව පාරිභෝගික අධිකාරියේ සභාපති විශ‍්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතා ‘දිවයින’ට පැවැසීය.

එම උපකරණ ගෙන්වනවා නම් ඒ සඳහා ශී‍්‍ර ලංකා ප‍්‍රමිති ආයතනයෙන් අනුමැතිය ලබාගෙන තිබේද යන්න සොයා බලන ලෙස ඉල්ලා සිටි බවද ඔහු කීය. රෙගුයුලේටර් සහ ගෑස් බට රටට ගෙන්වීමට ප‍්‍රමිති ආයතනයෙන් අනුමැතිය ලබාගත යුතු වුවත් ඒවායේ ප‍්‍රමිතිය පරීක්‍ෂා කිරීම සඳහා එම ආයතනයේ උපකරණ නැතැයි ඔවුන් කියා සිටින බවද එම නිසා එම පහසුකම ලබා ගන්නා ලෙස එම ආයතනයෙන්ද ඉල්ලා සිටි බවද සභාපතිවරයා කීය.

මේ වන විට කිලෝ 12.5 ක ගෑස් සිලින්ඩරය ලීටර් 18 ක් කිරීම සම්බන්ධයෙන් ගංගොඩවිල සහ මාලිගාකන්ද අධිකරණවල නඩු පවරා පවත්වගෙන ගෙන යන බවත් ඔහු කීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment