ප‍්‍රියන්ත කුමාර ඝාතනයට කම්කරුවන් උසිගැන්වූයේ වැඩ අධිකාරියි

2424

සැකකරුවන් අසුවූයේ සීසීටීවී කැමරා පද්ධති 160කින්:
පාකිස්තාන ජියෝ රූපවාහිනිය සහ ගල්ෆ් නිව්ස් හෙළිකරයි

කලින් සැලසුම් කළ ඝාතනයක්

සිරුරේ ඇටකටු සියයට 99ක්ම කැඩිලා

සූර්ය බල පද්ධතිය තුළ සැඟවුණත් කම්කරුවන් ප‍්‍රියන්තව ඇදගෙන ගියා

පාකිස්තානයේ රාජ්කොට් කම්හලේ සාමාන්‍යධිකාරි ප‍්‍රියන්ත කුමාර ඝාතනයේ සැකකරුවන් අසුවූයේ සීසීටීවි කැමරා 160ක් විමර්ශනය කිරීමෙන් බව පන්ජාබ් පොලිසිය හෙළි කර ඇත. මෙම ඝාතනයට කම්කරුවන් උසිගන්වා ඇත්තේ වැඩ අධිකාරි බවද අනාවරණය වී තිබේ.

කම්හල අසල පිහිටි සම්බි‍්‍රයා, ඩස්කා, පෙස්රා යන ගම්වාසීන්ද ඝාතනයට සම්බන්ධ බව හෙළි වී ඇති අතර සී සී ටී වී කැමරාවලින් ගම්වැසියන් 900ක් හඳුනාගෙන ඇත. මියගිය ප‍්‍රියන්ත කුමාරගේ පශ්චාත් මරණ පරීක්‍ෂණය සිල්කොට් රෝහලේදී පවත්වා ඇති අතර ඇටකටු කැඩෙනතුරු ඔහුට පහර දී ඇතැයි අධිකරණ වෛiවරයා තවදුරටත් අනාවරණය කර ඇත.

ප‍්‍රියන්ත කුමාර ඝාතනයට කම්කරුවන් උසිගැන්වූයේ වැඩ අධිකාරියි
ඝාතන සිද්ධියේ දර්ශන

මෙම ඝාතනය මෙහෙය වූ අපරාධකරුවන් දෙදෙනා මොහමඞ් තල්හා සහ පර්හාන් ඉද්රිස් බව තහවුරු වූයේ යැයි පන්ජාබ් පොලිසිය කියයි. රාජ්කොට් කම්හල වසා දමා ඇති අතර එහි සේවකයන් රැකියාවලට වාර්තා නොකර පැන ගොස් ඇත. පකිස්තාන් ජියෝ රූපවාහිනිය පැවසූවේ සනීපාරක්‍ෂක සේවකයන් පවා සිය සේවය ඉටු නොකිරීම ගැන මියගිය ප‍්‍රියන්ත කුමාර විසින් දැඩි ලෙස අවවාද කර තිබූ බවයි.

කම්හලේ බිත්තිවල ආගමික පෝස්ටර් අලවා තිබුණා. මේ පෝස්ටර් ඉරා දැමීම ගැන ප‍්‍රියන්ත කුමාර කම්කරුවන්ගෙන් සමාව අයැද සිටියා. එහෙත් වැඩ අධීක්‍ෂක ඔහුට එරෙහිව කම්කරුවන් උසිගන්වනු ලැබූවා යැයි ජියෝටීවී රූපවාහිනිය වැඩි දුරටත් හෙළි කළේය. එසේම ඝාතනය සිදු කිරීමෙන් පසු සිද්ධියට සම්බන්ධවූවන් ඝාතනය සිදු කරන අයුරු මෙන්ම ප‍්‍රියන්තගේ සිරුර අසල සිට සෙල්පි ඡායාරූප ද ගෙන තිබේ. මේ අතර කටාරයේ සිට ක‍්‍රියාත්මකවන අල් ජසිරා රූපවාහිනිය ප‍්‍රියන්ත කුමාර ඝාතනය වීමට පෙර ඉස්ලාම් දහමට අවමන්වන ලෙස ප‍්‍රකාශ කර ඇති බවට ප‍්‍රචාරයක් දියත් කරනු ලැබීය.

මෙම ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවේ පසුවන 260ක් තෙහෙරික් ලබ්බික් සංවිධානයට සම්බන්ධ බව හෙළිවී ඇත. මෙම සංවිධානය මෙයට පෙර පොලිස් භටයන් 9ක් මරා දමා ඇතැයි පාකිස්තාන් මාධ්‍ය කියා සිටී. තහනම් කර තිබූ මෙම සංවිධානය නොවැම්බර් 7 දා රජය විසින් තහනම ඉවත් කර තිබේ. එම තහනම ඉවත් කිරීමේ කොන්දේසි පාකිස්තාන් රජය හෙළි කර නැත.

රාජ්කෝට් කම්හලේ සාමාන්‍යාධිකාරීවරයා ඝාතනය කිරීමේ සිද්ධිය ගැන තෙහෙරික් ලබ්බික් සංවිධානයේ නායක සාද් හුසේන් මේ දක්වාම ප‍්‍රකාශයක් කර නැත. මොහුව සිර භාරයෙන් නිදහස් කිරීමත් සමගම සෙනෙට් සභික අස්මද් චව්ද්රි ඔහුට මල් කළබක් පිළිගැන්වීම ගැන ප‍්‍රවෘත්ති ඇමැති ශමාල් චව්ද්රි හෙළා දැක තිබේ. මේ අතර පන්ජාබ් මහ ඇමැති සර්දාර් උස්මාන් සඳහන් කළේ මෙම මිලේච්ඡ ඝාතනය සිදු කළ සාහසිකයන්ට නිසි දඬුවම් දෙන බවයි.

සංස්කරණය කීර්ති වර්ණකුලසුරිය

advertistmentadvertistment
advertistmentadvertistment