ප‍්‍රියන්ත කුමාර ඝාතනයේ ප‍්‍රධාන සැකකරු සැගවී සිටියදී අල්ලයි

648

පාකිස්තානයේ සියල්කොට්හි රාජ්කොට් කම්හලේ කළමනාකාර පි‍්‍රයන්ත කුමාර දියවඩන මහතාගේ ඝාතනය මෙහෙයවූ ප‍්‍රධාන අපරාධකරු වූ ඉමිටියාස් හෙවත් බිල්ලි, පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

රාවල්පින්දි නිවසක සැඟවී සිටියදී ඔහු අසුවී තිබේ. පි‍්‍රයන්ත කුමාර ඝාතනය කරන දර්ශන ඇතුළත් වීඩියෝ පටයක් පොලිසියට අසුවීමෙන් පසු බිල්ලි පිළිබඳ තොරතුරු හෙළි වී ඇත.

මොහු විශාල මන්නයකින් පි‍්‍රයන්ත කුමාරට පහරදෙන දර්ශන එම වීඩියෝ පටයේ දක්නට ලැබේ. මේ අතර බිල්ලිගේ සහායක ආධිත්‍ය ඉප්තිකාර් අත්අඩංගුවට ගෙන ඇතැයි පන්ජාබ් පොලිසිය කියයි.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන්ගෙන් 17 ක් පි‍්‍රයන්ත කුමාර ඝාතනයට සෘජුව සම්බන්ධ බව හෙළිවී තිබෙයි. ඔවුන් දින 15 ක් රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment