විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ අද පැවැති බංග්ලාදේශය සහ නෙදර්ලන්තය අතර තරගය ලකුණු 25කින් ජය ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් විය.කාසියේ වාසිය දිනූ නෙදර්ලන්තය පළමුව පන්දු රැකීමට තීරණය කළේය.ඒ අනුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම සිය පන්දු වාර 20 අවසානයේ දී කඩුලු 05ක් දැවී ලකුණු 159ක් ලබා ගැනීමට සමත් විය.ෂකීබ් අල් හසන් නොදැවී ලකුණු 64යි.නෙදර්ලන්ත කණ්ඩායමට සිය පන්දු වාර 20 අවසානයේ දී කඩුලු 08ක් දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 134කි.