බංග්ලාදේශයේ අන්තර්වාර පාලනයක් ස්ථාපිත කරන බව එරට හමුදාපතිවරයා පවසා ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.ඒ එරට අගමැතිනී, ෂෙයික් හසීනා සිය ධුරයෙන් ඉවත්වී ඉන්දියාවට පළායාම හේතුවෙනි.හමුදාපති ජෙනරාල් වෙකර් උස් – සමාන් පවසන්නේ, විරෝධතා පවත්වන සිසුන් දැන් සිය නිවෙස් වෙත යා යුතු බවය. මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ හසීනා සහ ඇයගේ සහෝදරිය රැගත් හෙලිකොප්ටර් යානය ඉන්දියාවේ අගාර්තාලා නගරය වෙත ළඟා වූ බවයි.1971 බංග්ලාදේශ නිදහස් සටනට එක්වූ යුද විරුවන්ගේ ඥාතීන්ට රජයේ රැකියාවලින් 30%ක් දීමට හසීනා රජය සැරසීමත් සමගම ඊට එරෙහිව ශිෂ්‍යයින් උද්ඝෝෂණ ඇරඹීය.