බංග්ලාදේශ අන්තර්වාර ආණ්ඩුවේ ඇමැතිවරු නැහැ

589

හිංසන ක්‍රියාවන් ව්‍යාප්ත වී ඇති බංග්ලාදේශය එක්සේසත් කරන බවට පවසමින් බංග්ලාදේශයේ නව අගමැති මහාචාර්ය මුහමඩ් යුනුස් සහ ඇමැතිවරුන් වෙනුවට උපදේශකයන් 17 දෙනෙකුගෙන් සමන්විත නව අන්තර්වාර ආණ්ඩුව ඊයේ රාත්‍රියේ එරට ජනාධිපති මොහොමඩ් ශහබුද්දින් ඉදිරියේ දිවුරුම් දී තිබේ. බංග්ලාදේශයේ ඩකා අගනුවර පිහිටි ජනාධිපති මැදුරේ පැවති අදාළ දිවුරුම් උත්සවයේදී දිවුරුම්දී ඇති නව අගමැති නොබෙල් සාම ත්‍යාගලාභී ආර්ථික විද්වතෙකු වන 84 හැවිරිදි මුහමඩ් යුනුස් තමා බංග්ලාදේශයේ ව්‍යවස්ථාව සුරකින ,එයට සහය දෙන හා සංරක්ෂණය කරන බව අවධාරණය කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment