හසීනාගේ ආගමනයෙන් දිල්ලි ආණ්ඩුවත් අර්බුදයක
අරගලයෙන් පසුව බංග්ලාදේශ අන්තර්වාර ආණ්ඩුව චීනය හා පාකිස්තානයට වඩා සමීපවී ඇති නමුත් ඉන්දියාවෙන් ඈත්වී ඇති බව වාර්තාවේ.
ෂෙයික් හසීනාගේ රජය පාකිස්තාන විරෝධී වුවත් ඇගේ ආණ්ඩුව පෙරළීමෙන් පසුව පාකිස්තානය එරටට එන බංග්ලාදේශ වැසියන්ට වීසා ගාස්තුව පවා ඉවත්කර ඇත.
චීන ආණ්ඩුව අන්තර්වාර පාලනයේ ප්‍රධානීන් සමග වඩා සමීපවී තිබේ. ඩකානුවර චීන තානාපතිවරයා තහනම ඉවත් කළ ජමාතේ කණ්ඩායම සමග එක්ව පුවත්පත් සාකච්ඡාවක් ද පවත්වා තිබේ. ජමාතේ කණ්ඩායම මුස්ලිම් අන්තවාදී ක්‍රියා හේතුවෙන් තහනම් කර තිබිණි.
අරගලයෙන් පසු ඉන්දියාවට පලාගිය ෂෙයික් හසීනා නිසා දිල්ලි ආණ්ඩුව ද අර්බුදයකට මුහුණදී ඇත. වර්තමානයේ ෂෙයික් හසීනාට එරෙහිව චෝදනා 83කට එරෙහිව ඩකා අධිකරණය මගින් නඩු පවරා තිබේ.
චතුර පමුණුව