දෙවැනි තරගයෙන් බංග්ලාදේශයට ඉනිමක සහ ලකුණු 273ක දැවැන්ත පරාජයක්
සංචාරක දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් ඉනිමක සහ ලකුණු 273ක දැවැන්ත ජයක් ලැබීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම ඊයේ (31 දා) සමත්විය.
බංග්ලාදේශයේ සාහුර් අහමඩ් ක්‍රීඩාංගණයේදී (29 දා) ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකානු කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඒ අනුව ඔවුන් සිය පළමු ඉනිම සඳහා කඩුලු 6කට ලකුණු 575ක් ලබා ඉනිම අත්හිටුවන ලදී.
සිය පළමු ඉනිම ආරම්භ කළ බංග්ලාදේශ කණ්ඩායමට දකුණු අප්‍රිකානු පන්දු යවන්නන්ගේ දැඩි තර්ජනාන්විත පන්දු යැවීම හමුවේ ලබාගැනීමට හැකිවූයේ සියලු දෙනා දැවී ලකුණු 159ක් පමණි. ඒ අනුව බංග්ලාදේශයට පිට පිට දෙවැනි වතාවටත් පන්දුවට පහරදීමට සිදුවූ අතර, දෙවැනි ඉනිම සඳහාද ඔවුන්ට ලබාගැනීමට හැකිවූයේ සියලු දෙනා දැවී ලකුණු 143ක් පමණි. ඒ හේතුවෙන් දකුණු අප්‍රිකානුවන්ට ඉනිමක සහ ලකුණු 273ක දැවැන්ත ජයක් ලැබීමට අවස්ථාව ලැබිණි.
මේ අනුව තරගාවලියේ පළමු තරගයෙන් ද කඩුලු 7ක ජයක් ලබාගත් දකුණු අප්‍රිකානුවේ මෙම ජයත් සමග තරගාවලිය 2-0ක් ලෙස ජය ගැනීමට සමත්විය.
තරගයේ වීරයා ලෙස ටොනී ඩි සම්මාන ලැබූ අතරල තරගාවලියේ වීරයා ලෙස කගීසෝ රබාඩා සම්මාන ලැබීය.
ලකුණු සාරාංශය
දකුණු අප්‍රිකාව පළමු ඉනිම සඳහා කඩුලු 6ක් දැවී ලකුණු 575යි.
ටොනී ඩි සෝසි ලකුණු 177, ටී්‍රස්ටන් ස්ටැබ්ස් ලකුණු 106, විආන් මුල්ඩර් නොදැවී ලකුණු 105, සෙනුරන් මුත්තුසාමි නොදැවී ලකුණු 68, ඩේවිඩ් බීඩින්හැම් ලකුණු 59, ඒඩ්න් මාක්‍රම් ලකුණු 33.
(තයිජුල් ස්ලාම් 198/5, නහීඩ් රනා 83/1)
බංග්ලාදේශය පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 159යි.
මොමිනුල් හක් ලකුණු 82, තයිජුල් ස්ලාම් ලකුණු 30, හසන් ජෝයි ලකුණු 10යි.
(කගීසෝ රබාඩා 37/5, ඩැනී පෙටර්සන් 31/2, කේෂව් මහරාජ් 57/2, සෙනුරන් මුත්තුසාමි 10/1)
බංග්ලාදේශය දෙවැනි ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 143යි.
නජ්මුල් හුසේන් ලකුණු 36, මහිදුල් ඉස්ලාම් ලකුණු 29, හසන් ජෝයි ලකුණු 11යි.
(සෙනුරන් මුත්තුසාමි 24/4, කේෂව් මහරාජ් 59/5, ඩැනී පෙටර්සන් 6/1,
සිසිර ඉන්ද්‍රජිත්