පොලිසිය සතියකට පසු පාරට බසී
සතියකට පසුව බංග්ලාදේශ අගනුවර රථවාහන පාලනය සඳහා පොලිස් නිලධාරින් රාජකාරියට පැමිණි බව එරට මාධ්‍ය වාර්තා කරයි.
පසුගිය සඳුදා සිට එරට පොලිස් නිලධාරීන් කිසිම විදිහක හෝ පොලිස් ස්ථානවල දක්නට ලැබුණේ නැත. පසුගිය සතිය පුරාම මහමාර්ගවල රථවාහන පාලනය සිදුකළේ සිසුන් විසිනි.
මේ අතර පොලිස් ස්ථානවලින් පැහැරගත් ආයුධ ලබන 19ට පෙර භාරදෙන ලෙස එරට අන්තර්වාර පාලනය මගින් දැනුම් දී තිබේ. මේ අතර එරට නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 70දෙනකු ද ඉල්ලා අස්වී තිබේ.
චතුර පමුණුව
හින්දුන්ට එල්ලවූ ප්‍රහාර ගැන අන්තර්වාර පාලනයේ උපදේශක සමාව ඉල්ලයි
බංග්ලාදේශයේ හින්දුන්ට එරෙහිව එල්ලවූ ප්‍රහාර පිළිබඳව තමා සමාව අයදින බව එරට අන්තර්වාර පාලනයේ ස්වදේශ කටයුතු උපදේශක බි්රගේඩියර් ජෙනරාල් ශතාවන් හුසේන් ප්‍රකාශ කර තිබේ.
මේ ප්‍රහාර පිළිබඳව පරීක්ෂණ පවත්වන බවද ඔහු පවසා තිබේ.
ෂෙයික් හසීනාගේ ආණ්ඩුව බිඳ වැටීමෙන් පසුව එරට සුළුතර හින්දු ජනයාගේ නිවාසවලට මෙන්ම කෝවිල්වලට ද ප්‍රහාර එල්ල විය.
චතුර පමුණුව