රජයේ රැකියාවලින් සියයට 93ක් කුසලතා මත සහ සියයට 07ක් අනෙකුත් කාණ්ඩවලට වෙන් කරන ලෙස බංග්ලාදේශ ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් නිකුත් කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.එරට ශිෂ්‍ය විරෝධතාවලට හේතුවී ඇත්තේ රජයේ රැකියා කෝටාව අඩු කිරීමය.මෙම විරෝධතාවය නිසා මේ වන විට පුද්ගලයින් 150කට වැඩි පිරිසක් පොලිස් වෙඩි ප්‍රහාරවලට ලක්ව මියගොස් ඇත.දහසකට අධික පිරිසක් තුවාල ලබා සිටිති. රට තුළ මතුව ඇති නොසන්සුන්කාරී තත්ත්වය මත අගමැතිනී ෂෙයික් හසිනාගේ රජය ඊයේ සිට රට පුරා ඇඳිරි නීතිය පනවා තිබේ.රජයේ රැකියාවලින් 30%ක් නිදහස් සටනට උරදුන් යුද විරුවන්ගේ පවුල්වල සාමාජිකයින්ට ලබාදිය යුතු බවට දුන් අධිකරණ නියෝගයක් හේතුවෙන් පසුගිය දින කිහිපය පුරා බංග්ලාදේශයේ පැවතියේ කලහකාරී තත්ත්වයකි.
|